මළ ගෙදරක වෙච්ච දෙයක්......



මේ සිද්ධිය වෙන්නෙ අපි උසස් පෙළ පන්ති පටන් ගත්ත අලුතම වගේ තමයි. දවස් වල අපි අලුතෙන් සෙට් හදාගන්න පටන් ගන්න කාලෙ. සාමාන්‍ය පෙළ කාලෙදි හිටපු ඉස්කෝලෙ සෙට් වලට වඩා දුර ගිය රීජනල් (Regional) සෙට් පටන් ගන්නෙ මේ කාලෙ තමයි.

ඔන්න ඔය කාලෙ තමයි කොල්ලො එක එක ජාතියෙ පරීක්ෂණාත්මක අමුද්රව් (ඔය මධ්යසාර ගනය සහ ඊටත් එහා ගිය දෙවල්) එක්ක පරීක්ෂණ කරල ඈන ගන්ඩ පටන් ගන්න කාලෙ.මේ කොල්ල උනත් ඉතින් ඔය කොයි කොයි දේත් මොන වගේද කියල රස බලපු මොනවද කරාට කමක් නෑත්තෙ, මොනවද කරන එක නරක කියල නිගමන වලට ඈවිත් තියෙන ගෑටයෙක්, සෑහෙන අවස්ථා වල (හික්ස්z)

දවස් වල ඉතින් කට්ටියගෙ විනෝදා ලෑයිස්තුවෙ උඩම තිබුන එකක් තමයි අඳුනන, ටිකක් අඳුනන සහ එක පාරක් කථා කරල තියෙන කාගෙ උනත් ගෑවුනු මළ ගෙවල් හොයාගෙන යාම.එහෙම ගිහින් ඉතින් එලිමහනෙ තියෙන ටෙන්ට් එකකට වෙලා කාඩ් හරි කෑරම් හරි සෙල්ලම් කරන එක කියන්නෙ ඉතින් අනිවාර්ය දෙයක්ම වෙලා තිබුන.

එක දවසක් ඔය වගෙ දුරින් යාලුවෙක්ගෙ මළ ගෙදරක ගියා. දෑනගන්ඩ ලෑබුණ ආකාරයට අභාවප්‍රාප්ත වෙලා තිබුනෙ ගොඩක් වයසක කෙනෙක්. දන්නවනෙ ඉතින් ඔය මල ගෙදර මෑරුණු කෙනා ගොඩක්ම වයසයි නම් කට්ටියගෙ දුක සහ පෙනුමට ඈඬීම ටිකක් විතර අඩුයිනෙ. අපිටත් ඉතින් මල ගෙදර එච්චර දුක්මුසු බවක් පෙනුනෙ නෑති නිසාත්, කට්ටියට පොඩි බෙහෙත් ටිකක් ගත යුතු ජාතියෙ ලෙඩක් හෑදිල තිබීම හින්දත් මුලින්ම ආචාර සමාචාර නොකර මුල්ලකට උනා. ඊට පස්සෙ ඉතින් වෙද මහත්තුරු බෙහෙත් ඔතනවයි, ලෙඩ්ඩු පිලිවෙලකට ගිහින් ප්රතිකාර අරන් එන එකයි වෙන අතරෙම කට්ටිය සෙල්ලම් කරන්ඩ පටන් ගත්ත. ඔය විදිහට පෑය ගානක්ම නොදෑනීම ගෙවිල ගියා කියමුකො.............

ඔය මම කියපු බෙහෙත් ජාතිය ලෙඩෙක් ගත්තහම ලෙඩාට එනව එක එක අතුරු ආබාධ. දැස කුඩා වීම, සැහැල්ලු බවක් දැනීම, හිනා වෙන්ඩ ආසාවෙන් පොඩි දෙයක් ඇහුණු ගමන්ම නොසැහෙන්ඩ හිනා වීම වගේම මුහුදු මට්ටමේ සාමාන්‍ය උස ප්‍රමාණය සාපේක්ෂ වශයෙන් ගත් කල වැඩි බව දැනීම තමයි ප්‍රධාන වෙන්නෙ.

ඉතිං ඔය අතුරු ආබාධ වලින් පීඩා විඳින ගමන්ම මළ ගෙයක් කියල වට පිටාවෙ ඉන්න අයට දැනෙන්නෙ නැති වෙන විදිහෙ විහිලු තහලු කරන එක නවත්තන්ඩ කාටවත්ම බැහැනෙ. මේ කියන දවසෙත් ඉතින් ඔය දේ ඒ ආකාරයෙන්ම සිද්ධ වුනා. කොහොමින් කොහොමින් හරි වෙලාව ගිහින් පාන්දර 2-3 ට වගේ කට්ටිය යන්ඩ ලෑස්ති වුනා ඊලඟ දවසෙ තිබුන පන්තියට යන්ඩ ඕනෙම නිසා. මොකද පන්ති ගියා හෝ නැතුවා අපේ යාලුවො කවුරුත් පන්ති තියෙන දවස් වල ගෙදර හිටියෙ නැහැ මොකද ඒ තරමටම උනන්දුයි ගෙදරින් (පන්ති) යන එකට. 

අපි මේ යාලුවට අකිල කියල කියමුකො හඳුනාගැනීමේ පහසුව පිණිස, අකිලට දැන් අර අතුරු ආබාධ උපරිම තත්වයෙ තමයි තියෙන්නෙ. ඒ වගේම තමයි මිනිහ මොන තත්වෙ හිටියත් අර අපෙ දේශපාලක උන්නැහැලාගෙ තියෙන ගති ලක්ෂණ නොසෑහෙන්ඩ තිබ්බා. ඉතිං සුපුරුදු ලෙස මිනිහ පෙරමුණේ රාල වෙලා යනව ආචාර සමාචාර පවත්වන්ඩ නැසී ගිය අයගේ  ඥාති හිතමිත්‍රාදීන්ට. ගිහින් ඉස්තෝප්පුවට ගොඩ වෙලා සෙරෙප්පු එහෙම ගලවලා ගිහින් අපි අඳුනන කෙනාගෙ අම්මට ආචාර කරන ගමන් මෙන්න මෙහෙම අහනවා

අකිල - ඇන්ටි සීය නැති වෙන්ඩ කලින් සෑහෙන දවසක් ඉස්පිරිතාලෙ හිටියලු නේද? මොකක්ද ඇත්තටම තිබුන ලෙඩේ?........

කිසීම උත්තරයක් හම්බු උනේ නැහැ...............................

ඊට හපන් එතන හිටපු කට්ටිය මූණට මූණ බලාගන්නව. අර යාලුවගෙ අම්ම අකිලය දිහා බලාගෙන දත් මිටි කනව...........එකෙක් කිව්ව "මචං එකෙක් පොඩ්ඩක් ගිහින් බලල වරෙන් මොකක්ද අවුල කියල, කට්ටියම ඔතනට ගියොත් වැඩේ අවුල් වෙනවා" කියලා.

ඊට පස්සෙ එකෙක් ගිහින් අකිලයවත් ඇදගෙන දුවගෙන එනව මහ හයියෙන් හිනා වෙවී. උගෙන් ඇහුවට මුකුත් කියන්නෙ නැහැ බඩ අල්ලන් හිනා වෙනව. අකිලය එකසිය ගානට අරූට රවනව එක විකාරයයි. වැඩේ නිකම් ඇදගෙන නාගන්ඩ ඕනෙ නැහැනෙ මළ ගෙදර මැද්දෙ හිනා වෙන එකෙක් තියාගෙන කියල කට්ටියම එන්ඩ සෙට් උනා. එන ගමන් නිකමට මල ගෙදරට එන තැන උඩ එල්ලල තිබුන බැනර් එක දිහා බලපු ගමන් සෙට් එකම හිනා වෙන්ඩ පටන් ගත්ත එක ගෙවල් වලට යනකනුත් හිනා උනා මතක් කර කර..........

බැනර් එකේ තිබ්බෙ මොකක්ද දන්නවද??

"සත් ගුණවත් ඇසිලින් උපාසිකා මාතාවට නිවන් සුව ලැබේවා......................................."

එදායින් පස්සෙ අර දුරින් යාලුවා වැරදිලාවත් අපි එක්ක වචනයක්වත් කථා කරේ නම් නැහැ

Comments

  1. අර ආන්ටිට තරහ ගිය එක පුදුමයක් නෙමෙයි.... :D

    ReplyDelete
  2. හික් හික් ඇති ගුටි නොකා බේරුනා

    ReplyDelete
  3. @ කො.ජී - හ්ම්ම්......... කෝ කින්නරාවිගෙ අලුත්ම කොටස??

    @ Angel - ඔව් අප්පා. ඒ කාලෙනම් ඉතින් ගුටි කෑවත් එච්චර ගනන් ගන්න කාලයක් නෙමෙයිනෙ හික්ස්z

    ReplyDelete
  4. niyamai ada thamai blog eka beluwe digatama liyapan

    ReplyDelete
  5. නියම කතාව එලට ලියලා තියනවා....
    . දිගටම ලියන්න........

    ReplyDelete
  6. @ ampushpika - ස්තූතියි දිරි ගෑන්වීමට.....

    @ බීටා - ඔබටත් ස්තූතියි බොහෝම..........

    ලියන්ට හිතෙනවා මෙ වගේ කොමෙන්ටු දෑක්කහම........ :-)

    ReplyDelete
  7. පංති ගියා නොගියා ගෙදරින්නම් යනව නේද බං.හික්......එළ සීන් එක .සිරාවට ලියල තියනවා.

    ReplyDelete
  8. @දිනේෂ් - ඔව් ඔව් මචං.ස්තූතියි කමෙන්ටුවට

    ReplyDelete

Post a Comment

තරඟෙක දුවද්දි වදින වතුර පාරක් වගේ තමයි ඔයාලගේ අදහස්... කියල නිම කරන්න බැහැ. වෙලා තියෙනවනම් ආසයි දැනගන්න......

Popular posts from this blog

ගැටළුවක්...........

අවුරුදු දෙකක් වයස දරුවෙක්……….

යථාර්තය