වැඩ පෙන්නීම





මේ සිද්ධිය වෙන්නෙ කොල්ලගෙ යාලුවෙකුට.මේ කියන යාලුවා කොල්ලලගෙ ඉස්කෝලෙ එකටම හිටිය සෙට් එකේ පොරක්. ඒ දවස් වලත්  ඉතින් හොඳම ආතල් වෑඩ කරන මල්ලි කෙනෙක් තමයි මූ.මේ කථාව කිව්වෙත් හෑබෑයි මිනිහම තමයි. ඉතින් මම ඈහුව මගෙ බ්ලොග් එක පුරවගන්ඩද කියල මේ කථාව දාල.  


කොහොමින් කොහොමින් හරි දෑන් නම් මෑන් ඉන්නෙ ඉතාලියෙ.නම නාමල් කියල කියමුකො. මුලින්ම මෙයා ගියෙ එහෙ බාසාව ඉගෙන ගෙන කාරිය රස්සාවකට යන්ඩයි කියල. මොකද නාමල්ගෙ අක්ක ඉන්නෙත් එහෙම හින්ද ඔය ඉගෙන ගන්න වෑඩේ එච්චරම අවුලක් වෙන එකක් නෑහෑ කියල ඒ ගොල්ලොත් කියල තිබ්බ.


ඔන්න මිනිහ රස්සාවකට සෙට් උනාලු. දන්නවනෙ ඉතින් ගොඩක් පිට රටින් ආපු උදවිය එහෙ කරන්නෙ  සාමාන්‍ය පහේ රස්සාවල්නෙ. ඒකෙ ඉතින් එච්චර ගානකුත් නෑහෑලු අපේ ලන්කාවෙ වගේ බොරු ලොකු කම් ඒ මිනිස්සු ලඟ නෑති හින්දා. 


ආ කථාව... ඔන්න ඉතින් මිනිහට මුලින්ම රස්සාව ලෑබුනෙ ඔය තේ කඩේකලු (තේ කඩ කිව්වට එව්ව මේ අපේ තේ කඩ වගේ ලොකුවට නෑහෑ : p ) තේ වලට ඉතාලි බාසාවෙන් කියන්නෙ  te' කියලලු


te' caldo = රස්නෙ තේ
එතකොට caldo කියන්නෙ ඉතින් රස්නෙ වෙන්ඩ එපයි නේද?


che = මොකක්ද මේ/මොන වගේ තේරුමක්ලු එන්නෙ.


අපේ මේ යෝදය වෑඩට ගිහින් ටික දවසක් වෙනවලු.ගිම්හාන කාලෙ මුල් දවස්ලු එතකොට, ඒ කියන්නෙ පටන් ගත්ත විතරයි. ඔහොම ඉන්න අතරෙ එක ඉතාලි ගෑනු කෙනෙක් ඈවිත් රස්නෙන් තේ එකක් ඉල්ලුවලු අර මම කලින් කියපු වචනෙ කියල. අපේ මිත්‍රයත් ඉතින් දන්න වෑඩ කිඩ ඔක්කොම දාල පුලුවන් තරම් ඉක්මනට තේ වලට අවශ්‍ය කළමනා ටිකයි උනු වතුර එකකුයි ගෙනිහින් දීල තියෙනවා. ඒත් හෑබයි අර ගෑණු මනුස්සය නෙමෙයිලු මේක දිහා ඈහෑක් ඈරල බලන්නෙ. පස්සෙ බලනකොට එයා කියල තියෙන්නෙ "මේ මොන රස්නයක්ද ?" කියලලු.


එදායින් පස්සෙ යාලුව වෑඩ පෙන්නීම පෑත්තක දාල තව ටිකක් බාසාව ඉගෙන ගන්ඩ පටන් ගත්තලු. ඒ වගේම මුලින් තේරුනේ නෑත්තම් දෙපාරක් හරි අහල වෑඩ කරන්ට පටන් ගත්තලු....

Comments

  1. අයියෝ... පව් වැඩේ... :D

    ReplyDelete
  2. එළ කතාව

    ReplyDelete
  3. කො.ජී - අනේද කියන්නෙ...

    බීටා - ඉස්තූතියි මචාන්........

    ReplyDelete
  4. බාසාවක් ඉගෙන ගන්නවා කියන එක ලේසි නැහැ...........

    ReplyDelete
  5. කව්ද බන් මේ..........අපිත් දන්න කෙනෙක්ද?

    ReplyDelete
  6. @ කල්හාර - අනිවා

    @ampushpika - වෙන්ඩත් පුලුවන්..... හික්ස්

    ReplyDelete
  7. cha....මම කීවේ ලස්සන කතාව කියන එක.

    ReplyDelete
  8. @ කුමාරිහාමි - අයියෝ චා කිව්වෙ ඈයි?

    ReplyDelete

Post a Comment

Comments in any sort will keep me going. If you see anything I could improve please let me know so that I could improve right away... | තරඟෙක දුවද්දි වදින වතුර පාරක් වගේ තමයි ඔයාලගේ අදහස්... කියල නිම කරන්න බැහැ. වෙලා තියෙනවනම් ආසයි දැනගන්න......

Popular posts from this blog

බහලුම් පෙට්ටි

Overview of Garment Merchandising - ඇඟලුම් අංශයේ මර්චන්ඩයිසිං ගැන සරලව කෙටියෙන් (What is the role of my job to the industry | මගේ රැකියාව සහ ඇඟලුම් කර්මාන්තය අතර සබඳතාව)

අවුරුදු දෙකක් වයස දරුවෙක්……….