හාසිනීගෙ ඉරොන් කඩේ....



ඔය සුද්දගෙ බාසාව ගෑන කතන්දර නම් ගෝනි ගනන් මොකද සාමාන්‍ය පෙළට හෝඩියෙ හතර වෙනි අකුරක් කොල්ල උනත් ගත්තෙ වාසනාවට කියල හිතෙන තරමටම ඒ දවස් වල ඕක තිත්ත වෙලා තිබ්බෙ. වෑරදිලාවත් සුද්දෙක් දෑක්කොත් අහලක නොහිට දුවන තරමටම ඕක භීතිකාවක් වෙලා තිබ්බ සමහරුන්ට.


මේ සිද්දිය වෙන්නෙ කොල්ලගෙ යාලුවෙක් උනත් වෑඩිපුරම අර වම්බටු කථාවෙ හිටිය රන්දිකයගෙ ලඟින්ම හිටපු යාලුවෙකුට. යාලුවගෙ නම තමයි දුලීත. මේ දුලීතය ඒ දවස් වල හරිම ශ්‍රද්ධාවෙන් කරපු දෙයක් තමා රස්ති ශබ්ද කෝෂයේ හෑටියට "බඩු පෑරවීම" නොහොත් ගෑණු ලමයින් ගෑන උනන්දු වී ඔවුන් පසු පස ගොස් පෙම්වතිය බවට පත් කරගෑනීමේ පරම අභිලාශයෙන් කටයුතු කිරීම.


ඒ දවස් වල දුලීතගෙ ඉලක්කයක් වෙල තිබ්බෙ හාසිනී කියල ටිකක් ලස්සන පහේ ගෑණු ලමයෙක්. මූ ඉතින් වෑඩ ඔක්කොම පාලු කරගෙන කාව හරි වෙන එකෙකුගෙ වෑඩකුත් පාඩු කරල දෙන්නම එක්ක ඔය ගෑණු ලමය පස්සෙ යනවලු.


සති දෙක තුනකුත් පහු උනාට පස්සෙ කිසිම සද්දයක් මුගෙන් නෑති නිසා කට්ටිය ඈහුවලු ""හාසිනීට මොකෝ බන් උනේ"" කියලා.


මූ කියනවලු, "" තාම නෑහෑ බන් ලොකු ප්‍රගතියක්, ඒත් ඉතින් මම පොඩ්ඩක් සිරා වගේ මෙකි ගෑන අදහසකුත් තියෙනව, බෑඳගත්තත් පාඩුවක් නෑති වෙයි වගේ"" කියලා.එතකොට කට්ටිය අහල ඈයි කියල. "ඒකිගෙ තාත්තට ඉරොන් කඩේකුත් තියෙනව බන්, මම එදා පස්සෙන් ගිය වෙලේ දෑක්කෙ. උන්ගෙ ගෙවල් ලඟමයි තියෙන්නෙත්" කියල කථාවක් මූ කියනවලු.


මූ කියපු විදිහට මේ කියන්නෙ ලොකුම බර අත්තක් කියල හිතල බලන්ඩත් එක්ක හතර පස් දෙනෙක් යනවලු හාසිනී යන බස් එකේම. ගිහින් බෑහෑල පයින් යනකොට යනකොට දුලීතය කට්ටියට පෙන්නුවලු අර තියෙන්නෙ අර තියෙන්නෙ බන් කියල.


ඉස්සරහ තියෙනවලු ටිකක් ලොකු කඩයක්. ඒකෙ ඉස්සරහ තියෙනවලු ගහල බෝඩ් එකක්


" HAASINEE IRON WORKS"


දුලීත එදා ඉඳන් "ඉරොන් කඩේ" බවට පත් උනාලු..........

Comments

  1. ඊට පස්සෙ පොර ආයිත් ඉරොත් කඩ ගැන කියන්න ගියේ නැද්ද............

    ReplyDelete
  2. පොරක් දවසක් යාලුවො සෙට් එකට කියනවලු "මචං . . . ආර් ටෙන් එකේ එකේ අයිරන් ඈංගල් පෙන්නනවලු" කියල . . . .

    බලද්දි . . .Rio එකේ පෙන්නනවලු Iron Angel.

    ReplyDelete
  3. @ කල්හාර - නැහැ මචං
    @ඕනයා - ලොල්

    ReplyDelete
  4. මාත් මේ බැලුවේ මොකක්ද මේ අමුතු ජාතියේ කඩේ කියලා

    ReplyDelete
  5. ඔන්න ඔහොමයි මචන් අපේ සහ යාලුවන්ගෙ ඉන්ග්‍රීසි දැනුම

    ReplyDelete
  6. ඔය කියන්නේ දුලිත නිලංක ගැනද ?

    ReplyDelete
  7. @ ඉඳුනිල් - නෑ නෑ.. මේ මනඃකල්පිත නමක්.

    ReplyDelete

Post a Comment

Comments in any sort will keep me going. If you see anything I could improve please let me know so that I could improve right away... | තරඟෙක දුවද්දි වදින වතුර පාරක් වගේ තමයි ඔයාලගේ අදහස්... කියල නිම කරන්න බැහැ. වෙලා තියෙනවනම් ආසයි දැනගන්න......

Popular posts from this blog

බහලුම් පෙට්ටි

Overview of Garment Merchandising - ඇඟලුම් අංශයේ මර්චන්ඩයිසිං ගැන සරලව කෙටියෙන් (What is the role of my job to the industry | මගේ රැකියාව සහ ඇඟලුම් කර්මාන්තය අතර සබඳතාව)

අවුරුදු දෙකක් වයස දරුවෙක්……….