ෆාස්ට් 5 (රියෝ හයිස්ට්)




වේගය එක්ක බැඳුනු චිත්‍රපට කිව්වහම කටියට මුලින්ම මතක් වෙන චිත්‍රපටි ගොන්න තමයි ෆාස්ට් ඇන්ඩ් ද ‍ෆියුරියස් චිත්‍රපටි මාලාව. ඔන්න අද කොල්ල ඉන්න රටේ ඒ චිත්‍රපටි මාලාවෙ අවසාන චිත්‍රපටිය කියලා නම් කෙරුණු ෆාස්ට් ඇන්ඩ් ද ‍ෆියුරියස් 5 චිත්‍රපටිය තිරගත වෙන්ඩ පටන් ගත්ත.


කොල්ලටත් තියෙනවනෙ අමුතු ජාතියෙ පිස්සු. ඉතිං මොකෝ කරේ හවස වැඩ ඔක්කොම නවත්තල ගිහින් ඒක බැලුව. එළ බයිස්කෝප් එක ඈ....................


ඔය කවුරුත් දන්න ඩොමිනික් ටොරේටෝ (Vin Diesel) හිරේට නියම වෙනවනෙ අන්තිමට අපි බලපු 4 වෙනි කොටසෙ. මේක පටන් ගන්නෙ ඒ චිත්‍රපටියෙ අන්තිම ජවනිකාවෙන්, එහෙම පටන් අරන් විනාඩි 132ක්ම අපිට අධ්‍යක්ෂක උන්නැහේ දෙන ත්‍රිල් එක බලලම තමයි ගන්ට ඕනෙ අප්පා...........




කෙටියෙන් කිව්වොත් ඔය කතා ගොන්නෙම ප්‍රධාන චරිත තුන වෙන ඩොම්, මියා සහ ඕ' බ්‍රයන් තුන් දෙනාව ෆෙඩරල් ආපරාධකාරයො විදිහට හංවඩු ගැහෙනව ඩොම්ව හිරෙන් පන්නපු හේතුව මත. ඉන් පස්සෙ කථාව දිග හැරෙන්නෙ මේ අයට හම්බු වෙන පරණ යාලුවෙකුයි ඒ යාලුව නිසා අත ගහන්න වෙන අලුත් හොරකමකුයි නිසා කට්ටිය මැදි වෙන ප්‍රශ්ණ ගොන්නක් කේන්ද්‍ර කරගෙන.


මේ චිත්‍රපටියෙන් කලින් බලපු හැම චිත්‍රපටියකම අපි ආසාවෙන් බලපු චරිත ගොඩාක්ම එකම තැනකට ගෙනත් තියෙන එක තමා කොල්ල දැකපු ලොකුම විශේෂත්වය. 


තව තව කියන්ඩ දෙයක් නැහැ. ඕක බලලම අත් වින්දනම් තමා හොඳ. ඒත් කොල්ල හෙව්වට ලංකාවෙ මේක පෙන්නන දවසක් ගැන හොයාගන්ට බැරි උණානෙ. සමා වෙන්ට ඕනෙ හොඳේ. දන්න කවුරු හරි ඉන්නවනම් කිව්වොත් උදව්වක් අපේ චිත්‍රපටි ලෝලීන්ට දැන කියාගන්ඩ.


කොල්ලගෙ ටිකට් එකත් දැම්ම ඕං




කට්ටියගෙ ඉල්ලීම මත ඔන්න දැම්ම ටොරන්ට් ලින්ක් එකක්. හැබැයි කැමරා කොපියක්, බලලා කොල්ලට බණින්ඩ එහෙම එපා......


http://isohunt.com/torrent_details/291159657/fast+and+furious?tab=summary

Comments

  1. කෝ මචං මේක බාන්න ලිංක් එකක් දාලා නෑ නේද ... සමහරවිට අමතක වෙන්න ඇති ..ඉක්මනට දාන්න මට මේක ඩවුන්ලෝඩ් කරන්න ඕන

    ReplyDelete
  2. දැම්ම නං බාන්ඩ බැරි වෙයි සඳරුවො...පෙන්නන්ඩ පටං ගත්ත විතරයි රිදී තිරේ

    තව මාසයක් වගේ යයි හොඳ කොපියක් බාගන්ට.... බලල දාන්නංකො ලින්ක් එකක් ඒ දවස් වෙනකොට.

    ReplyDelete
  3. දැන් ඕක කොහෙද දුවන්නෙ මොන හෝල් එකේද ........ අපිටත් යන්න තැන දැන ගන්න එපායෑ ......

    ReplyDelete
  4. ටොරන්ට් කෑල්ල ලින්ක් එකක් වත් දාන්න එපැයි කොල්ලෝ

    ReplyDelete
  5. @ කල්හාර - කොල්ල බැලුවෙ වියට්නාමයෙනෙ. ලන්කාවෙ තාම නැහැ මගෙ හිතේ

    @ බීටා - තාම ජාලෙට බැහැල නෑ බීටො කැමරා කොපියක්වත්. ට්‍රේලරේ විතරයි තියෙන්නෙ

    ReplyDelete
  6. ඔන්න ටොරන්ට් ලින්ක් එකක් දැම්මා. හැබැයි කැමරා කොපියක්.......

    ReplyDelete
  7. මමත් මෙහාට අපු දවසෙම ගියා... පට්ට..
    ඕක බලන්න ගිහින් අන්තිම නම් ටිකත් දාල ඉවරවෙනකන් නැගිටල යන්න එහෙම එපා..

    ReplyDelete
  8. @ තාරක - පට්ටයි නේද. කොල්ල දෙපාරක්ම බැලුවනෙ හික්ස්....අන්තිමට මොකෝ බන් වෙන්නෙ? දවස් දෙකේම ඉවරම වෙනකම් ඉන්ඩ බැරි උණා...

    ReplyDelete
  9. එහෙනම් 3වෙනි පාරත් බැලුවනම් තමයි හොඳ.

    6 වෙනි එක ගැන පොඩි හින්ට් එකක් දෙනවා....

    ReplyDelete
  10. ඇඬෙනවා.....
    ගෙදර ඇති බාපු කැමරා කොපියක්. අද ගිහින් බලන්නම්කො අග...

    ReplyDelete

Post a Comment

Comments in any sort will keep me going. If you see anything I could improve please let me know so that I could improve right away... | තරඟෙක දුවද්දි වදින වතුර පාරක් වගේ තමයි ඔයාලගේ අදහස්... කියල නිම කරන්න බැහැ. වෙලා තියෙනවනම් ආසයි දැනගන්න......

Popular posts from this blog

බහලුම් පෙට්ටි

Overview of Garment Merchandising - ඇඟලුම් අංශයේ මර්චන්ඩයිසිං ගැන සරලව කෙටියෙන් (What is the role of my job to the industry | මගේ රැකියාව සහ ඇඟලුම් කර්මාන්තය අතර සබඳතාව)

අවුරුදු දෙකක් වයස දරුවෙක්……….