කලකට පස්සේ... (ජීවිතය )

හරියටම කිව්වොතින් සති 3ක් වගේ කාලයක් ලිව්වෙම නැහැ මුකුත්ම..දූවිලි ටිකක් ගසල දාල මකුළු දැල් කඩල පාළුව යන්ඩ්ත් එක්ක ලියන්ඩ හිතුවා පුන්චිම පුන්චි දෙයක්....



කෙටි කලකටයි මෙලොවට බිහිවී     ඉන්නේ
ඇයි ඒ ටිකෙත් මේ ඇත්තෝ වලි     කන්නේ
පැණි රස තිත්ත රස දෙක කළවම්     වන්නේ
එවිටයි දිවියෙ අර්ථය පැහැදිලි        වෙන්නේ



රැක ගන්නට තමන්ගේ මේ බඩ         වියත
බල්ලෙකු පමණ වුව මිනිසෙකු යයි    පහත
ඒ වැනි සතුන් ගහණව ඇති මේ          දියත
කපුටන් සුදු නොවෙය පණ්ඩිතයන්   කියත




Comments

  1. හ්ම්ම් ඇත්ත. ජීවිතය මෙහෙමයි. :)
    අර්ථවත් පැදිපෙළක්.. ලස්සනයි..
    ඔබට ජය..!!

    ReplyDelete
  2. සෑහෙන කාලෙකින් ..........
    මම සම්පූර්ණයෙන් විරුද්ධයි බල්ලන්ට අපහාස කරනවට ......

    ReplyDelete
  3. @ හිම නඟා - ඔව් ඔව්... ඇත්ත තමයි. ස්තූතියි...

    @ කල්හාර - ඔව් මචන් කාලෙකින්.... බල්ලන්ට අපහාස කිරීම ගැන සමා වෙන්න හොඳේ...

    ReplyDelete
  4. ඇත්තටම කොච්චර හොඳ සතෙක් වුනත් බල්ලට නම්බු දීලා කතානොකරන්නේ ඇයි????????? පව් සත්තු තමා අන්තිමට නරක නාමේ හැමදාම. බල්ලා බූරුවා මීහරකා වගේ අය පුලුවන්නම් අපහාස නඩු දාලා...... :D

    ReplyDelete
  5. ළොව වඩාත්ම විෂගෝර සත්වයා

    1. මිනිසා
    2. මිනිසා
    3. මිනිසා
    4. මිනිසා

    නිවැරදි පිළිතුර සොයන්න....

    ReplyDelete
  6. ela ela..koheda ban hitiye mechchara kal??

    ReplyDelete
  7. අලුත් කොල්ලා ආයේ ඇවිල්ලා කියන්නේ ඇත්තද ?

    ReplyDelete
  8. අලුත් කොල්ලත් හොඳ කවියෙක්නේ . මොකෝ කවුරුත් අරියාදුවක් වත් කලාද

    ReplyDelete
  9. @ හා පැටික්කි - ආනේ තරහ ගියාද බල්ලට අපහාස කරා කියල. සොලි හොඳේ...
    @ මාතලන් - 1,2,3 සහ 4

    @දිලීප - පහු ගිය ටිකේ ෆන් වැඩි වෙලා නිදාගත්ත සෑහෙන්ඩ..

    @ සඳරුවා - ඔවු ඔවු Return of අලුත් කොල්ලා

    @ Bindi - මොනවට අහනවද ඒවා. ඒක තමා නිමිත්ත.

    ReplyDelete
  10. සමහර උන් කරන දේ ගැන කියන්නට
    බල්ලන් ගත නොයුතු උපමා හදන්නට
    බල්ලා දනී කළගුණ පුද කරන්නට
    එබැවින් හොඳය ඌරා සම කරන්නට

    ReplyDelete
  11. @ සරත් -

    ඌරා කියන්නේ අපි කන සතෙක් නෙව
    බල්ලා හොඳ උනත් කන්නේ නැහැ ඌව
    ඒ අදහසින් බල්ලා ගැන මම කිව්ව
    එක වැරදියයි පිලිතුරු දැක වැටුනි ඉව

    ReplyDelete

Post a Comment

Comments in any sort will keep me going. If you see anything I could improve please let me know so that I could improve right away... | තරඟෙක දුවද්දි වදින වතුර පාරක් වගේ තමයි ඔයාලගේ අදහස්... කියල නිම කරන්න බැහැ. වෙලා තියෙනවනම් ආසයි දැනගන්න......

Popular posts from this blog

බහලුම් පෙට්ටි

Overview of Garment Merchandising - ඇඟලුම් අංශයේ මර්චන්ඩයිසිං ගැන සරලව කෙටියෙන් (What is the role of my job to the industry | මගේ රැකියාව සහ ඇඟලුම් කර්මාන්තය අතර සබඳතාව)

අවුරුදු දෙකක් වයස දරුවෙක්……….