ප්‍රියයන්ගෙන් වෙන්වීම





ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකකි කියල කියල තියෙනවනෙ අපේ පැරණි උදවිය. ඒක ඇවිත් නිකම්ම නිකම් කතාවක් කියල කොල්ල හිතාගෙන හිටිය පොඩි දවස් වල. ඊට පස්සෙ ඒ කතාවෙ ඇත්ත නැත්ත තේරුනේ කොල්ලගෙ අප්පච්චි කොල්ලවයි පවුලෙ අනිත් අයවයි දාල ගිය දවසෙ. ආපහු ඊට පස්සෙ කොල්ලගෙ කෙල්ල අවුරුදු ගානකට පස්සෙ කොල්ලව දාල ගිය වෙලාවෙත් කොල්ල ඒකෙ ඇත්ත නැත්ත හොඳින්ම අත් වින්ද. මේ දේ අත් විඳල තියෙන ඈයො දන්නව ඇති මම මේ කියන්නෙ මොකක්ද කියල.


මනුස්සයන්ට හිතක් තියෙන්නෙ හිතන්ඩ වගේම හැඟීම්බර වෙන්ඩත් නිසාම අපි ගොඩක් වෙලාවට හිතනවට වඩා හැඟීම්බර වෙන නිසා පොඩි දෙයක් උනත් හිතට කා වදින ගැඹුර වැඩි ඇති මගෙ හිතේ. කොල්ල අවුරුදු දෙකකට පොඩ්ඩක් අඩු වෙන්ඩ මේ දැන් ඉන්න රටේ හිටිය. ඒ ඉන්න අතරෙ නොදැනීම හිතට ලං වෙච්ච දේවල් තිබුණ. ගොඩක්ම දේවල් වලට වඩා එකම එක දෙයක් කොල්ලගෙ හිතේ ඇතුලටම කා වැදුන, සමහර විට ඒක එහෙම උනේ රිදිල තිබුන හිතකට ලොකු සහනයක් ඒ දෙයින් ලැබුණු නිසාද කියල මේ අද වෙනකම්ම කල්පනාවට නොඑන තරමටම ඒ දේ හිතට කා වැදුන. එහෙම වෙලා ටික කාලයක් යනකොට කොල්ලගෙ ජීවිතේ නැතුවම බැරි දෙයක් බවට ඒ දේ පත් උණා. අද වෙනකොට කොල්ල ජීවිතේ ගන්න තියෙන වැදගත් තීරණයක් ගන්න තව ටික කාලයක් ඕනෙ කියල හිතෙන තරමටම ළං වෙනකොට, කොල්ලට ඒ හැම දේම අත් ඇරල වෙන රටකට යන්ඩ වෙලා..........


පියේහි විප්පයෝගෝ දුක්ඛෝ - ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකකි


ඒත් එක පාරක් ජීවිතේ රිදුණු තැනක් ආපහු රිද්දගන්න ඕනෙ නැහැ කොල්ලට. බලමු මොකක් වෙයිද කියලා.......

Comments

  1. balamu balamu..wena deyak apitat kiyapanko kollo..:D :D

    ReplyDelete
  2. අ‍නේ මංදා...... අයි‍යේ ඉතින් රිදුන තැන ඒ ‍දේ නිසා සුවපත් උනා නම් ආ‍යෙම රිදවා ගැනීමක් ‍වෙනවද?

    ReplyDelete
  3. හැම දේම වෙන්නෙ හොදටලු බන් ඕකෙත් හොද පැත්තක් ඇති....

    ReplyDelete
  4. මට ඉතින් හිතෙනවා එක දෙයක් .දැනට නොකිය ඉන්නම් . අය්යෝ මගේ බ්ලොග් පාට්නර් කොහෙද යන්න හදන්නේ . halong bay වත් බලල යන්න යන්න කලින්. මොනවා වුනත් සුබ අනාගතයක්

    ReplyDelete
  5. හිත හදා ගෙන එන දේකට මූණ දෙන එක තමයි හොඳම දේ ....
    සැලෙන්න එපා ......
    මොකක්ද ඔය තදින්ම හිතට දැනුන දේ ......

    ReplyDelete
  6. @ හා පැටික්කි - ඔයාට ඒක තේරුම් කරන්නෙ කොහොමද කියල මට තේර්න්නෙ නැහැ දරුවෝ

    @ කිඩෝ - දන්නෙ නැහැ බං

    @ Bindi - අනිවාර්යයෙන්ම එන්ඩ හිතන් ඉන්නවා. කවද ඒද දන්නෙ නැහැ.මොකක්ද හිතුනෙ නොකිය ඉන්ඩ?

    @ කල්හාර - පින්තූරෙ වෙනස් කරා. සමහර විට දැන් තේරෙයි...

    ReplyDelete
  7. ප්‍රියයන් විතරක් නෙමේ බං . . . . . අනිත් හැමදේමත් අතෑරල යන්න වෙනව අපිට දවසක . . . . . .මම නං වෙන්වීම් වලදි හිත හදාගන්නෙ ඔය ටික හිතල . . . ඇඬුව කියලවත් . . . දුක් උනා කියලවත් . . . . අපෙං දුරස් වෙන දේ ආපහු ලං වෙන්නෙ නැත්තං . . . . ඒ දේ අමතක කරල දාන එක තමා වඩාම හොඳ . . . .

    ReplyDelete
  8. @ ඕනයා - අනේ මන්ද බං. මාත් ඉතිං පෘතග්ජනයෙක්නෙ. නැති වෙන්ඩ කලින් ළං කරගන්ඩයි උත්සාහ කරන්නෙ.

    ReplyDelete
  9. අද තමා මේ අඩවිය පැත්තට ආවේ....ඔය ව‍ගේ ඒවා ගණන් ගන්න එපා බං....

    ReplyDelete
  10. හොහෝ.. හිත එක තැනක රැඳුනද ? බොහොම දුර දිග බලන්න ඕන කාරණාවක් !

    ReplyDelete
  11. @ මකුලුවා - ස්තූතියි මචං. ඒත් කොහොමද?

    @ සරත් - ඔව්. හිත එක තැනක රැඳිල තියෙන්නෙ දැන්....

    ReplyDelete
  12. @අළුත් කොල්ලා,
    දැන් තේරුනා, ලස්සනයි ......

    ReplyDelete
  13. @ කල්හාර - ස්තූතියි... පිටට පේනවට වඩා හිතත් ලස්සනයි බං. ඒකයි ගොඩක්ම මම ආස...

    ReplyDelete

Post a Comment

Comments in any sort will keep me going. If you see anything I could improve please let me know so that I could improve right away... | තරඟෙක දුවද්දි වදින වතුර පාරක් වගේ තමයි ඔයාලගේ අදහස්... කියල නිම කරන්න බැහැ. වෙලා තියෙනවනම් ආසයි දැනගන්න......

Popular posts from this blog

බහලුම් පෙට්ටි

Overview of Garment Merchandising - ඇඟලුම් අංශයේ මර්චන්ඩයිසිං ගැන සරලව කෙටියෙන් (What is the role of my job to the industry | මගේ රැකියාව සහ ඇඟලුම් කර්මාන්තය අතර සබඳතාව)

අවුරුදු දෙකක් වයස දරුවෙක්……….