ඕං අපිත් කරා නාට්ටියක්

ඉස්සෙල්ල මේක අහල ඉන්නකො

පලවෙනි කොටස



දෙවෙනි කොටස



තුන්වෙනි කොටස




කරපු දේවල් ගැන ලොකුවට කියවන එක ප්‍රධාන දෙයක් වෙච්ච ලංකාවෙ ආඩම්බරකාර වැසියෙක් විදිහට කොල්ලත් ඔන්න අද හදන්නෙ පහු ගිය දවස් වල කට්ටිය එක්කහු වෙලා කරපු වැඩක් ගැන පොඩි Flash Back එකක් කරන්න.

මේ වැඩේ පටන් ගත්තේ පහු ගිය සෙනසුරාදා (සැප් 10) හරියටම කියනවනං දවල් 1.30ට 2.00ට වගේ තමයි. අපේ සිහින එදා උදේ කතා කරන ගමන් කිව්වා බස් රේඩියෝවෙ ඕඩියෝ පොතට අපි මොකක් හරි අමුතු දෙයක් කරමු කියලා. ඉන් පස්සෙ කට්ටිය එකතු වෙලා මොන වගේ නාට්‍යයක්ද කරන්න ඕනෙ කියන එක ගැන කතා කළා. මුලින්ම වැඩේට එක්කහු උනේ සිහින, අපි කවුරුත් දන්න මඩසාං සහ මේ කොල්ලා. අපි ඉතිං ඔහෙ කතා කරලා ලිව්වා ගමක් ගැන නාට්‍යයක්. ලිව්ව කියන්නෙ ලිව්ව ලිව්වා අත් කැඩෙනකම්ම ෂෙයා කරපු ගූගල් දෙයියගෙ අකුරු ලියන කොලේක කට්ටිය හරි හරියට හතර වටෙන්ම ලියාගෙන ලියාගෙන ගියා. ඒ වෙලාවෙ වැඩ තියාගෙන එතනට ඇවිත් වචන හැඩ වැඩ කරන්න උදව් කරපු පසන් කොලුවත් අමතක කරන්න බෑ නොවැ. අන්තිම ටිකේ ලියල ලියල අත කැඩෙන්න තරම් රිදෙද්දි කෝල් එකකින් සම්බන්ධ වෙලා කියන ඔක්කොම ලස්සනට ටයිප් කරපු කිඩෝට කොල්ලගෙ විශේෂ ස්තූතිය හිමි වෙනවා. අනිත් කෙනා අපේ රුචක (පච්ච මාමා) කතා කරපු සැනින් ඇවිත් “එළ මචං ඕනෙ එකක් මම එකෙන්ම” කියල තමයි කිව්වෙ.

කොහොම හරි ලියාගත්ත කියමුකො. ලිව්ව ඈත ගමක කතාවක් මුලින් එක්කෙනෙක් මරමු කියල කතා උනත් කොල්ලගෙ හිතේ තියෙන දුෂ්ට කම වැඩි හින්දද මන්දා තුන් දෙනාම මරල දැම්මා (හික් හික්). ලියල ඉවර වෙනකොට සෙනසුරාද රෑ වෙලා. සඳුදා රෑ වෙනකොට මේක විකාශය කරන්ඩත් ඕනෙ කියල සිහින කියපු නිසා තමුන්ට අදාල කොටස් ටික සෙනසුරාදම රෑ රෙකෝඩ් කරල සිහිනට ෆයිනල් එඩිට් එක සඳහා ඊ මේල් කරමු කියන තැන ඉඳන් වැඩේ පටන් ගත්තා. දුෂ්ටය ඇඟේම ඉන්න නිසා දුෂ්ටයගෙ කොටස් ටිකනම් පොඩි වෙලාවකින් ඉවර වුණා. කිඩෝත් පැණි බේරමින් ආදරේ කරල ඒ ටිකත් ඉවර වුණා කියමුකො. කියන්නම ඕනෙ රුචක. එද රෑ පච්චයකුත් ගහපු ගමන් අතේ වේදනාව පිටින් පාන්දර 3.30 වෙනකම් “සියාතු” ගෙ කොටස් ටික රෙකෝඩ් කරපු එකනම් ඇත්තටම අගය කරන්නම ඕනෙ. ඔය ඔක්කොම ඉවර වෙලා අම්මගෙයි නිළියගෙයි කොටස් ටික අපිට පටිගත කරන්න හම්බු උණේ ඉරිදා. තමුන්ගෙ දහසකුත් පුද්ගලික වැඩ තියාගෙන උනත් දිල්ශරා අම්මට අදාල හඩ කොටස් ටික පටිගත කරල එව්වා ඉරිද හවසම. අපේ ප්‍රධාන නිළිය පවුලෙ කට්ටිය එක්ක පන්සල් ගිහින් තිබුනා කලින්ම ඔය නිසා. විගහට එනව කිව්වත් පවුලෙ කට්ටිය එක්ක ගියාම හැමෝටම වෙනව වගේ එනකොට ටිකක් පරක්කු වුණා. ඉතිං කොහොමින් කොහොමින් හරි රශ්මිගෙ කොටස් ටික ඉවර වෙනකොටඉරිද රෑ වුණා කියමුකො. සිහිනගෙ යහලුවෙක් වෙච්ච ජීවන්තිවත් මතක් කරන්න ඕනෙ ඉදිරිපත් කරන්නියගෙ කොටස් ටිකට මේ වැඩේට දායක වුණු එකට.

ඊ ලඟට තමා මේකෙ ඇඩෙන වැඩ කොටස, ඒ කිව්වෙ ෆයිනල් එඩිටිං. මහ රැයක් වෙනකම් ඕක කරපු සිහිනගෙ කැපවීම කොච්චරක්ද කියනවනම් සඳුදා හවස් වරුවෙ නිවාඩුවකුත් දාගෙන මේක කරා කියල ඕගොල්ලො ඇහුවම හිතාගන්න පුළුවන්නෙ කැපවීම කොච්චරක් තිබුනද කියල මේ වැඩේට.

කොහොමින් කොහොමින් හරි ඇහුවා ඊයෙ රෑ. ඒක ඇහෙනකොට වෙච්ච මහන්සිය අපතේ ගියෙ නෑ කියන එක ගැන ලොකු සතුටක් දැනුනා. දුකට කාරණේ තමයි අන්තිම ටික ඉන්ටනෙට් ප්‍රශ්ණ නිසා අහගන්න බැරි වෙච්ච එක ගැන.

මෙන්න වැඩේට දායක වෙච්ච කට්ටිය

සම්බන්ධීකරණය - සිහින
පිටපත - මදුශාන්, පසන්, සිහින, කිඩෝ සහ කොල්ලා
සමන්මලී - රශ්මි රවීනා
ජයන්ත - කිඩෝ
සියාතු (තාත්තා) - රුචක
සිරියාවතී (අම්මා) - දිල්ශරා
නිමල් (මැරයා) / දොස්තර /ගැමියෙක් - කොල්ලා
නිමල්ගේ මිතුරෙක් - සිහින
ඉදිරිපත් කරන්නිය - ජීවන්ති

කට්ටියම එකතු වෙලා කරපු මේ සාමූහික ප්‍රයත්නෙට තව අයට දායක වෙන්න පුලුවන් ඉදිරි සති වලදි. කැමති අය ඉන්නවනම් සිහින මලයට කතා කරන එකයි තියෙන්නෙ.

අහපු කට්ටියගෙන් බලාපොරොත්තු වෙනවා ගුණ දොස්. දොස් ගොඩක් තියෙන්න පුලුවන් මොකද දවස් දෙකක් ඇතුලෙ මේක කරපු නිසාත් පළවෙනිම වැඩසටහන නිසාත්. ඕනෙම විවේචනයක් බාරගන්න ලෑස්තියි.
ජය වේවා!

ප.ලි \ යූ ටියුබ් ලින්කුව දමා ඇත.......


ප.ප.ලි \ නිර්මානාත්මක අදහස් තියන බස් පදින බ්ලොග් ලියන හැමෝගෙන්ම කරන්න ඉල්ලීමක් තියනවා.කිව්වත් වගෙ මේක අපි හැමෝගෙම වැඩක්. බස් රේඩියෝ ඕඩියෝ පොත කියන නම මෙතනින් එහාට මේ නාට්‍ය හෝරාවට ගැලපෙන්නේ නෑ.ඒ හින්ද හැමෝගෙන්ම ඉල්ලනවා අපිට ලස්සන නමක් යෝජනා කරන්න කියල.සඳුදා රෑ 8.30 සිට 10.00 දක්වා දිවෙන නාට්‍යමය හෝරා එක හමාරට ගැලපෙන බස් කියන නමත් සම්භන්ධ ලස්සන නමක් හැමෝගෙන්ම බලාපොරොත්තු වෙනවා.

Comments

  1. එල එල මට අහන්න බැරි උනි ඉක්මනට ඕඩියෝ ක්ලිප් එක පබ්ලිෂ් කොරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි

    ReplyDelete
  2. @ සානිකා - ඉක්මනින් දාන්න කියලා කියන්නම් (මටත් අහන්න ඕනෙ)

    ReplyDelete
  3. එලයෑ මම නම් මුල ඉදන් ඇහැව්වා ....
    කිඩෝගේ පැණි පාරයි තොගේ දුස්ට ගතියි මොනවට පිළීබිබු වෙලා තිබුණා :DDD

    ReplyDelete
  4. @ වැපා - කිඩෝ නම් සුකුමාල කොල්ලනෙ ඉතිං පැණි හලනවා. මං ඇත්තටම ගොඩක් දුෂ්ටද බං??

    ReplyDelete
  5. එළ එළ නියමයි ............:D

    ReplyDelete
  6. අපිටත් අහන්න දියල්ලා....

    ReplyDelete
  7. හෑ මමත් පිටපත ලිව්වාද? :O :O උඹලා ලියනකොට ගූගල් ඩොක් එක දිහා බලා ඉදපු එකට ලියනවා කියන්න පුලුවංනම් අවුලක් නෑ :D "ඬ් වැඩේ එල හැබැයි ඈ...

    ReplyDelete
  8. @ ලයන් - එළ එළ නෙමෙයි රඟපාන්න වරෙං

    @ නචියා - යූ ටියුබ් ලිංකුව දෙන්නං විගහට

    @ අභියා - එල එල ඉස්තූතියි...

    ReplyDelete
  9. @ මඩසාං - කරපු දේ % නෙමෙයි වැදගත් බං. උදව්වයි වැදගත්

    ReplyDelete
  10. මමනම් දන්නෙ දැන්නෙ ඉතින්... පහුවෙච්ච අපටත් අහන්න සලසන්නකෝ ඉක්මනින්...

    ReplyDelete
  11. @ තරුණ මහත්මිය - හා හා අනිවාර්යයෙන්ම

    @ දිමා - ඉස්තූතියි

    @ ආගන්තුකයා - අහන්නත් සන්තෝසයි... ඉස්තූතියි.

    ReplyDelete
  12. @ සෝරෝ - එළ ... ඉස්තූතියි... :)

    ReplyDelete
  13. අන්තිම ටිකත් අහගන්න තිබුන නම් එලම එල . . .

    ReplyDelete
  14. @ ඕනෙ - ඇයි මට වගේම උඹටත් අහන්න බැරි උනාද?? හයියෝ...

    ReplyDelete
  15. වැඩේ නම් හොදට ගියා මචං

    ReplyDelete
  16. නිකමටවත් අපේ පැත්තේ අවොත් නරකයිනේ ?

    ReplyDelete
  17. @ මං සලකුණු - ඉස්තූතියි

    @ සරත් - කොහොමෙයි කන්ටැක්ට් කරගන්නෙ? මට මේලක් එවන්න ananmanansahathawathde@gmail.com

    ReplyDelete
  18. හොඳ උස්සාහයක්...වැදගත්....

    ReplyDelete
  19. @ අමිල - ඉස්තූතියි ඉස්තූතියි

    ReplyDelete
  20. බණ්ඩාගේ වොයිස් එක තමා වොයිස් එක

    ReplyDelete
  21. වැඩේ හිතුවටත් වඩා හොදට ගියා, හැමෝටම ස්තුතියි !!!!!!

    ReplyDelete
  22. @ සානිකා - බණ්ඩගෙ වොයිස් එක හුරතල් නේ

    @ රස්මි - ඔයා මට ඇඹලයා කිව්ව නේ සික් (ලැජ්ජාවෙ බෑ)

    ReplyDelete

Post a Comment

Comments in any sort will keep me going. If you see anything I could improve please let me know so that I could improve right away... | තරඟෙක දුවද්දි වදින වතුර පාරක් වගේ තමයි ඔයාලගේ අදහස්... කියල නිම කරන්න බැහැ. වෙලා තියෙනවනම් ආසයි දැනගන්න......

Popular posts from this blog

බහලුම් පෙට්ටි

Overview of Garment Merchandising - ඇඟලුම් අංශයේ මර්චන්ඩයිසිං ගැන සරලව කෙටියෙන් (What is the role of my job to the industry | මගේ රැකියාව සහ ඇඟලුම් කර්මාන්තය අතර සබඳතාව)

අවුරුදු දෙකක් වයස දරුවෙක්……….