තවත් එක් මානවකයෙක්.

වැඩ නිසා බ්ලොග් එක පැත්තෙ එන්න හිතෙන්නෙත් නෑ වෙලාවකට. ඒත් වැඩක් පටන් ගත්තම මග නතර කරන්න හොඳ නෑ කියනවනෙ, ඒක නිසා පොඩි උත්සාහයක් ගන්නවා කතන්දරයක් වගේ එකක් ලියන්න. හිමින් ලියන නිසා එක කොටසක් එච්චර දිග වෙන එකක් නෑ. ඕගොල්ලන්ගෙ අදහස් ගොඩක්ම වටිනවා මේක ලියවෙන විදිහ ගැන.

වෙලාව උදේ 7.30ට විතර ඇති. වාහනේ එලවන්න තිබුණු කම්මැලි කම නිසා බස් එකකින් කොලඹ යන්න නිට්ටඹුව නුවර පාරෙ තිබුණු බස් නැවතුම්පලට ආවත් එන හැම බස් එකකම සෙනග ඉතිරිලා ගිහින්. කම්මැලි කම පැත්තක දාල කාර් එකේ ආවනම් මෙලහට කිලෝමීටර් ගානක් ගිහිනුත් ඉවරයි නේද කියල නිලන්තට හිතුනා.

නිලන්ත සමරවීර, එක්තරා සාමාන‍ය පන්තියෙ කොල්ලෙක් කියල දකින කාටත් හිතෙන ජාතියෙ චරිතයක්. පදිංචිය නිට්ටඹුවෙ. වයස අවුරුදු 25-26ක් තරම්. පවුලෙ තමන්ගෙම කියල කවුරුත් නැති වෙන්නෙ නිලන්තට වයස අවුරුදු 18දි. ඒක වෙන්නෙ මෙහෙමයි…………

සමරවීර මුදලාලි කියන්නෙ පස්යාල කියන පැත්තෙ සාර්ථකම ලී වෙලඳාම අයිතිව තිබුණු කෙනා. මුදලාලිගෙ පවුලෙ හිටියෙ එයාගෙ බිරිඳයි එකම පුතායි විතරයි. දෙහිඅත්තකණ්ඩියෙ ඉඳන් අවුරුදු විස්සකට විතර කලින් කොළඹ එන්න ඇවිත් මගදි හම්බු වුණු මනුස්සයෙක් නිසා ලී වාඩියක වැඩට ආපු දවස තමයි සමරවීරගෙ ජීවිතේ වෙනස් වෙන්න පාර කපපු දවස. වාඩියෙ වැඩ කරන සමරවීර උසස් පෙලත් සමත් වෙච්චි ඒත් තමුන්ගෙ වටපිටාව නිසා හරි හමන් තැනක් නොලැබුණු උත්සාහවන්ත තරුණයෙක් කියලා වාඩියෙ කවුරුත් කතා වුණා. මේ කතන්දර වාඩිය අයිති පීටර් මුදලාලිට ආරංචි වෙන්න වැඩි දවසක් ගියේ නැහැ.

සෝමරත්න තමයි බස් එකේදි තමුන්ට හම්බු වුණු කිසිම කපටි පෙනුමක් නොතිබුණු සමරවීර ගැන විස්තර අහල රස්සාවක් හොයාගෙන යන මේ තරුණයට තමුන්ට පුලුවන් විදිහෙන් උදව්වක් කරන්න හිතාගෙන පීටර් මුදලාලිට අඳුන්නල දුන්නෙ. පීටර් මුදලාලි සෝමරත්නගෙන් තවත් විස්තර විපරම් කරද්දි සමරවීර කියන්නෙ වාණිජ‍ අංශෙන් උසස් පෙල හොඳින්ම සමත් වෙච්චි කොල්ලෙක් කියන විස්තරේ දෙනගන්න ලැබෙන්නෙත් මේ දවස් වලදිමයි. විශ්වාසවන්ත සේවකයො නිසා ලේසියෙන් වාඩිය පැත්තට නොඑන පීටර් මුදලාලි එක දවසක් වාඩියට එනවා….

මුදලාලි - සෝමරත්න, අර සමරවීරට පොඩ්ඩක් එන්න කියන්න. මට මිනිහ එක්ක පොඩ්ඩක් කතා කරන්න ඕනෙ

තමුන්ට ජීවිතේ මුල්ම වරට ලැබුණු රස්සාවත් අහිමි වෙයිද කියන බයෙන් මුදලාලි ඉස්සරහට එන සමරවීරට ජීවිතේ කවදාවත් නොහිතපු විදියෙ කතාවක් මුදලාලිගෙ කටින් අහන්න ලැබෙනවා..

මුදලාලි - මට දැනගන්න ලැබුනා ඔය ළමයා හොඳ උගත් දරුවෙක් කියලා. මගෙන් ලී ගන්න ලොකු කඩ බොහොමයක් තියෙනවා. ඔය ලියුං  කියුං   වැඩ ටික මට තනියම කරගන්නත් අමාරුයි, ගිණුම් පැත්ත ගැන දැනුමක් තියෙන නිසා සමරවීරට බැරි වෙන එකක් නෑ මට උදව් වෙන්න ඒ පැත්තෙන්. උගත් කමකුත් තියාගෙන මොකට මේ වාඩියට ඕව දිය කරල අරිනවද??

එදා තමයි සමරවීරට තමුන්ගෙ ගැන ආඩම්බර හිතුණු එකම දවස. මේ තරම් කාලයක් කවුරුත් තමුන්ගෙ දැනුම අගය නොකරත් මේ මනුස්සය එහෙම කළ එක ගැන සතුටින් ඉපිලෙන ගමන් සමරවීර මුදලාලිගෙ යෝජනාවට උඩින්ම කැමති වුණා.


ඊට පස්සෙ වුණු දේ ඊලග කොටසින් බලාපොරොත්තු වෙන්න හරිය...

Comments

  1. එළ කතාවක ආරම්බයක් වගේ. කියවන්න හිතෙනවා. දිගටම දාමු.

    ReplyDelete
  2. @බිම්සර - බොහෝම ස්තූතියි මලයා......

    ReplyDelete
  3. එල එල දිගටම ලියපන් මල්ලි.....

    ReplyDelete
  4. අඩේ . . . . මෙගාවක්දැ ???

    ReplyDelete
  5. මගො ලයින් එකක් වුනත් ඩිරෙක්ෂන්ස් ගානට තියෙනවා..
    සිංහලෙන්ම කිව්වොත් මාලා නාටක ස්වරූපයක් ගත්තත් පිටපත් රචකයාගෙත් අධ්‍යක්ෂ වරයාගෙත් ප්‍රතිභාව මතින් මාලා නාටකය වෙනත් අතකට ගමන් කරන අාකාරයක් පෙන්නුම් කරනවා..

    ReplyDelete
  6. ලියල තියෙන විධියට හොඳ කතාවක් කියල හිතනව. ඉතුරු හරියත් කියවන්න බලාගෙන ඉන්නව

    ReplyDelete
  7. කතාවේ ඇරඹුම නම් නියමයි.. ඉතිරියත් දාමු..

    ReplyDelete
  8. හොඳ කතාවක් වගේ, අනික් ටිකත් ලියමු කියවන්න බලාන් ඉන්නවා

    ReplyDelete
  9. අන්න හොඳයි.. කියවමු කතාව. දැන් කොහෙද රචකයා ඉන්නේ ? වියට්නාමේ නෙවෙයිද ?

    ReplyDelete
  10. ලස්සනයි නවකතාවකට. ඉතුරු ටිකත් ලියන්න බලන්න.

    ReplyDelete
  11. @ හැමෝම - පහු ගිය ටිකේ බ්ලොගට යන්න බ් ඇරි ප්‍රශ්නයක් තිබුනා. හදන්නවත් වෙලාවක් සෙට් වුනේ නෑ. ඒකයි පිළිතුරු නොදුන්නෙ. සමා වෙන්න.

    ReplyDelete

Post a Comment

තරඟෙක දුවද්දි වදින වතුර පාරක් වගේ තමයි ඔයාලගේ අදහස්... කියල නිම කරන්න බැහැ. වෙලා තියෙනවනම් ආසයි දැනගන්න......

Popular posts from this blog

ගැටළුවක්...........

අවුරුදු දෙකක් වයස දරුවෙක්……….

යථාර්තය