පහු ගිය අප්‍රියෙල් මාසෙ අපි ගියා විල්පත්තුවටයි ඩොල්ෆින්ලා බලන්නයි. දවස් 3ක ගමනක් විදියට තමයි අපි ඒක සැලසුම් කරගෙන ගියේ. සෙනසුරාදා උදේ 9ට වගේ ගෙදරින් පිටත් වුණ අපි දවල් 2-3 වෙද්දි කල්පිටියයි නොරොච්චෝලෙයි අතර ඉල්ලන්තඩිය කියන පළාතෙ තිබුණ අපෙ හෝටලේට සේන්දු උණා. දවල්ට කාල බීල එහෙම අපි ටිකක් නිදහසේ කාලය ගත කරලා රෑ කෑම අරන් කලින්ම නින්දට ගියේ පස්සෙන්දා පාන්දරින්ම විල්පත්තු බැද්ද අස්සෙ රිංගන්න ලැහැස්ති කරගෙන හිටපු නිසයි. හෝටලේ අවට අපි දැක්කා හුලඟෙන් විදුලිය උපද්දවන්න පාවිච්චි කරන ලොකු හුලං පෙති වගයකුත්. අපි හිටි දිහා දැවැන්ත හුළං පෙති උදේ 6 වෙද්දි අපි හෝටලෙන් පිටත් වුණේ විල්පත්තු ගමනට. පුත්තලම ටවුන් එකේ ඒ වෙද්දි ඇරල තිබුණු එකම කඩෙන් උදේට එහෙම කාලා එතැනින්ම දවල් කැලේදි කන්නත් කෑම පාර්සල් කරගත්තෙ කැලේ ඇතුලෙ කන්න කඩ නැති නිසා. ඕං ඒටික ඉවර වෙලා අපි ගියා එළුවන්කුලමට. එළුවන්කුලම තියෙන්නෙ පුත්තලමෙ ඉඳන් කිලෝමීටර 40ක් විතර දුරින්. එළුවන්කුලමට ගිහින් අපි සෆාරි ජීප්/ඩබල් කැබ් එකකට නැග්ගා. තමුන්ගෙම කියල 4x4 වාහනයක් නැත්තං එතනින් වාහනයක් කුලියට ගන්න ඕනේ. අපිට කොහෙද ෆෝ වීල් වාහන...
මේ ක්මෙන්ටුව වතුර පාරක් අළුත් කෙල්ලා. මුළු බ්ලොග් එකටමයි ගැහුවේ.
ReplyDeleteමගෙ බ්ලොග් එක එච්චරම ජරා වෙලාද?? :O (විහිළුවකි)
Deleteබොහොම් ස්තුතියි පියුමි මේ පැත්තෙ ආවට. දිගටම එන්න හොඳේ.....
"මන් කිවුව දේ කළා නම් මෙහෙම වෙන්නේ නැහැ.. " කොච්චර ඇහෙන වචන පෙලක්ද සාමාන්‍ය ජීවිතේදීත්..
ReplyDeleteඔව් ඔව් සරත් ඕව තමයි නිමිති. මිනිසු මහ කුහක ජාතියක්...
Deleteපස්පංගුව ඔහේ සොයාගන්න නැද්ද ආයුබෝවන්ඩ?
ReplyDeleteතියේ තියේ දොඩංගොඩ මහත්තයා.... ඒත් ඇයි??????
Deleteස්තුතියි ගොඩ උනාට මගෙ බ්ලොග පැත්තට. ආපහු ඇවිත් යන්ට එන්ට...
මෙහෙමයි බන් . . තමන් කරන්න හැදුවේ තමන්ගේ දනුමේ හැටියට හොඳම දේනේ . . . අනික බන් වැඩ කරන එකාට නේ වැරදීම් හරි වෙන්නේ . . ඔය කටවල් උලුප්පගෙන කෑ ගහන උන් නිකම් ඉඳන් අරෙහෙම කරන්න තිබ්බා මෙහෙම කරනන් තිබ්බා කියන උන්නේ . . ඒ නිසා උන්ගේ වචන මේ කනෙන් අහලා අනෙක් එකෙන් පිට කරපන් . .
ReplyDeleteසිරා ඇත්ත දුකා අයියා..............
Deleteමට හිතෙන්නෙ අපේ ලංකාවෙ උන අනිත් රට වල උන්ට සාපේක්ෂව ඕක කරනව වැඩී. අර මොකක්ද කහන්ඩ නියපොත්ත නැති උනුත් ආර්ථික උපදේශකයො වෙනවයි කියනවලුනෙ මිනිහෙක් බංකොලොත් උනොත් :D
මට මේකට නිම්ත්ත උනේ අපේ කාර්යාලෙ වෙච්ච පොඩි සිද්ධියක් නිසා අවුරුදු 23ක පොඩි කෙල්ලෙක්ට වෙච්ච දෙයක් තමා. දුකයි ඒත් අපිට කරන්න දෙයක් නැතිව බලං ඉන්න විතරක් වෙන වෙල්ලවලුත් තියේ.
මේ ලෝකෙ මචං පට් පට් ගාල ස්ලයිඩ් චේන්ජ් වෙන පවර්පොයින්ට් සෝ එකක් වගේ...ආයෙ පරණ දේවල් මතක තියාගන්න ඒවා මෙනෙහි කරන්න වෙලාවක් නෑ..ඔහේ දුවනවා...
ReplyDeleteඅපි අකමැති වුනත් ඒම ජීවත් වෙන්න වෙනවා...
අනිවා මචං. මේ මට උණ එකක් හෙම නෙමෙයි හරිය..... :)
Deleteකෙටි වුනත් ලොකු කතාවක් .
ReplyDeleteHope everything will be ok
මාත් හිතල ලියවෙච්චි එකක් නෙමෙයි මේ. නිකංම ලියවුණා.
Deleteකතාව ඇත්ත නේද??
මම හොඳිං..............
සමාවෙන්න එන්න පරක්කු උනාට.
ReplyDeleteමේකත් හරියට කිකිළියි බිත්තරෙයි සීන් එක වගේ. දෙකම අඩු වැඩියෙන් ඔය දේකේම තියනවා. හැබයි පෞද්ගලික අත්දැකීම්ම තමා බොහෝ විට සුළු වෙනස්කම් සහිතව සංස්ථාපිත ලෝකයෙත් තියෙන්න.
පරක්කු වෙලා හරි ආ එකට ස්තුතියි. සමාව ඉල්ලන්න දෙයක් නෑ......
Deleteමාත් හිතන්නෙ මිනිස්සුන්ගෙ පුද්ගලික ජීවිතේ පිට කරගන්න බැරි පීඩනේ රස්සාවෙන් එලියට ඒමක් කියලා එතන තියෙන්නෙ.