ඇඩල්ස් කලම්බු....
මේ ඇවිල්ලා මිනිස්සුන්ගෙ දැනුම නැති කම හෑල්ලුවට ලක් කරන්ඩ ලියන එකක් එහෙම නෙමෙයි හොඳේ. හුදු ආශ්වාදය තකා ලියන ලද්දක් පමණයි..... ඒ දවස් වල පාසැල් කාලෙ කොල්ලල එක්ක හිටිය පොරක්, මිනිහගෙ නම රුවන්, ආදරේට දාපු නම්නෙ ඒ දවස් වල වැඩි පුරම පාවිච්චි උනේ. ඉතින් රුවන්ට කට්ටිය ලේසියට කිව්වෙ මුක්කුවා කියල. සිංහල බ්ලොග් කියවන්නෙ කොමෙන්‍ටු දාන්නෙ ඉතින් ඉංග්‍රීසි පාවිච්චි කරල නිසා මුක්කුවා කියන දේ පැහැදිලි කිරීමක් අවශ්‍ය නැහැ කියල හිතනව (හික්ස්z) ඔය මුක්කුවා ඇතුලු කොලු රෑනටම ඒ දවස් වල ඔය සුද්දගෙ බාසාව ටිකක් දුරයි. මේ මුක්කුවට නම් සෑහෙන්ඩම දුරයි දැන් හොඳ උනාට. දවසක් මේ මුක්කුවා උදේ ඉස්කෝලෙට ආපු ගමන් කට්ටියට දෙනව මෙන්න මෙහෙම වදන් ටිකක්. මුක්කුවා - මචංලා මම අද උදේ ආවෙ ඇඩල්ස් කලම්බු බස් එකකනෙ. මරු බන් වෙනද වගේ නෙමෙයි හිර නොවී විගහටත් ආවනෙ. ඕනෙනම් තැන් දෙක තුනක නවත්තන්ඩ ඇති. එතකොට එතන හිටිය සංඛ කියල එකෙක්. ඌ අහනව "මොකක්ද බන් ඒ හරුපෙ තේරුම? කියන එකක් තේරෙන්ඩ කියපංකො" මුක්කුවා - ඇයි බන්, උඹලා ඇවිල්ලම නැද්ද ඇඩල්ස් කලම්බු බස් වල?? :-o ඌ පුදුමෙන් වගේ අහනවා. කට්ටියට සැහෙන්ඩ අ