ප්‍රියයන්ගෙන් වෙන්වීම
ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකකි කියල කියල තියෙනවනෙ අපේ පැරණි උදවිය. ඒක ඇවිත් නිකම්ම නිකම් කතාවක් කියල කොල්ල හිතාගෙන හිටිය පොඩි දවස් වල. ඊට පස්සෙ ඒ කතාවෙ ඇත්ත නැත්ත තේරුනේ කොල්ලගෙ අප්පච්චි කොල්ලවයි පවුලෙ අනිත් අයවයි දාල ගිය දවසෙ. ආපහු ඊට පස්සෙ කොල්ලගෙ කෙල්ල අවුරුදු ගානකට පස්සෙ කොල්ලව දාල ගිය වෙලාවෙත් කොල්ල ඒකෙ ඇත්ත නැත්ත හොඳින්ම අත් වින්ද. මේ දේ අත් විඳල තියෙන ඈයො දන්නව ඇති මම මේ කියන්නෙ මොකක්ද කියල. මනුස්සයන්ට හිතක් තියෙන්නෙ හිතන්ඩ වගේම හැඟීම්බර වෙන්ඩත් නිසාම අපි ගොඩක් වෙලාවට හිතනවට වඩා හැඟීම්බර වෙන නිසා පොඩි දෙයක් උනත් හිතට කා වදින ගැඹුර වැඩි ඇති මගෙ හිතේ. කොල්ල අවුරුදු දෙකකට පොඩ්ඩක් අඩු වෙන්ඩ මේ දැන් ඉන්න රටේ හිටිය. ඒ ඉන්න අතරෙ නොදැනීම හිතට ලං වෙච්ච දේවල් තිබුණ. ගොඩක්ම දේවල් වලට වඩා එකම එක දෙයක් කොල්ලගෙ හිතේ ඇතුලටම කා වැදුන, සමහර විට ඒක එහෙම උනේ රිදිල තිබුන හිතකට ලොකු සහනයක් ඒ දෙයින් ලැබුණු නිසාද කියල මේ අද වෙනකම්ම කල්පනාවට නොඑන තරමටම ඒ දේ හිතට කා වැදුන. එහෙම වෙලා ටික කාලයක් යනකොට කොල්ලගෙ ජීවිතේ නැතුවම බැරි දෙයක් බවට ඒ දේ පත් උණා. අද වෙනකොට කොල්ල ජීවිතේ ගන්න තියෙන වැදගත් තීරණයක් ග