අර මගෙන් ඉල්ලගත්ත 150
මේ ඇවිත් පරණ රස කතාවක්. මතක් වෙද්දි අපිටත් එක්ක ටිකාක් විතර ලැජ්ජ හිතෙන ජාතියෙ කතාවක්................. මේ කතාවෙ කතා නායක තනතුර හොබවන්නෙ අර කලිනුත් පොඩි පොඩි අවුල් වැඩ වලින් කොල්ල විස්තර ලියල තිබ්බ මුක්කුවා තමයි. මුක්කුවා කොල්ලලත් එක්ක ගොඩක්ම ලඟින් ඇසුරු වුණේ සහ බොහොමයක්ම රස කතා මැවෙන්නෙත් අර උසස් පෙළ කියල ගොඩක්ම කොල්ලන්ගෙ ජීවිත වල හරි යන්ඩ හරි වරදින්ඩ හරි කියල එන කාල සීමාවෙ තමයි. කොල්ලලත් ඉතින් ඉතාම ආසාවෙන් හැමදාම උදේ නොවරදවා ගම්පහට යනව ඒ දවස් වල (පන්තියට යෑම නොයෑම තීරණය වෙන්නෙ එදා උදේම කාගෙ හරි ඔලුවට එන නසරාණි අදහසක් නැතිම උනොත් තමයි). ඒ කාලෙ ගැන ආපහු මතක් කරනකොට අනේ ආසාව සහ දුක කියන දෙකම එකට එකතු වෙච්ච පුදුමාකාර හැඟීමක් තමා හිතට දැනෙන්නෙ. ආසාව තමයි ඒ කාලෙ ගත්ත ෆන් ගැන මතක් වෙනකොට ආපහු ඒ කාලෙට යන්ඩ තියෙනවනම් කොච්චර හොඳද කියල හිතෙන එක. දුක හිතෙන්ඩ හේතු 2ක් තියෙනව, 1) කොච්චර ආස උනත් ආපහු කාලෙ පස්සට යන්ඩ බැහැ කියල හොඳටම දන්න එක. 2) ඒ කාලෙ පොඩ්ඩක් හරි ඉගෙන ගත්තනං අද ඉංජිනේරු මහත්තයෙක් නේද කියල හිතෙනකොට මොනව කරන්නද ඉතිං හැමෝම ඉංජිනේරුවො උනොත් උන් හදන බිල්ඩිං වල ඉන්ඩයි පාරවල් ව