කොම්පියුටර් පන්තිය
![Image](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhy_7uk66sOvlk0qKbTJJXhGHxZwaKWhGcD_tuHWYU40lKUifbk_R1ht6XNEWK0EdxhyCe3ufcq1REUPWWIuU8XiYRZ-bIf6jb64S3xflqRWplMvP_jeyVlzNYIXlHOOS9DgRLERLkr88PS/s640/computer.jpg)
මේ දවස් වල අලුත් තැන වැඩ ටිකක් විතර අඩුයි නිසා වගේම පරණ යාලුවො එක්ක කයියට වැටිල්ලත් වැඩි වෙලා තියෙන හින්දම පරණ රස කතා ගෝනි ගනන් තමා මතක් වෙන්නෙ කතා කරගෙන යනකොට. ඉතිං ඔන්න අදත් දෙන්නම්කො ඒ දවස් වල වෙච්ච ලස්සන කතාවක්. හිතන්ඩ එපා මේ කොල්ලගෙ යාලුවො ගැන කතා විතරක් යන නිසා කොල්ලට ඔය වගේ රස සිද්ධි උණේ නැහැ කියල. වෙලා තියෙනව ඇති වෙන්ඩ ඒත් ඉතිං මගේ කතා මම ලියාගෙන ඉල්ලං කන්ඩ ඕනෙ නැති හින්දා කොල්ලගෙ යාලුවෙක් වෙච්ච කලු මල්ලි ට වැඩේ පැවරුවා. මිනිහ හෙට අනිද්ද දිහාට ඒ වැඩේ පටන් ගනී ආපහු. මේ කතාවෙ ප්‍රධාන චරිතෙ වෙන්නෙ කොල්ලලගෙ හොඳ යාලුවෙක්. පොරට අපි කියමුකො බුවා කියලා. බුවාගෙ කතාවෙ ලොකේෂන් එක ගැන කතා කරොත් අර රෑට කමු අපි වම්බටු කතාවෙ හිටිය රන්දික යගෙ ගෙදර තමයි සිද්ධිය උණේ. ඒ දවස් වල ඉගෙනීම ඉවර වෙලා කට්ටිය රස්සාවල් වලට අඩිය තිබ්බ කාලෙ. ඉතිං රස්සාවට යනව කියන්නෙ එපා වෙන දෙයක් වෙලා තිබ්බ දවසුත් තිබ්බ. ගාන කැපෙනවට කැමති නැති නිසා අමාරුවෙන් හරි හැමදාම යනව ඉතිං. රන්දිකයත් ඒ දවස් වල වැඩට යනව නාවල පැත්තෙ තැනක. ආ කියන්ඩ අමතක උණානෙ, ඒ දවස් වල ඉස්කෝලෙ යන කාලෙ අපි කාගෙ කාගෙත් තිප්පලක් වෙලා තිබ්බ ගෙදරක් ත