හිතන්න පොඩි දෙයක්
ආපහු බ්ලොග් එකට පොඩ්ඩක් කර පෙව්වා. සෑහෙන දවසකින් හිතල ලිව්වෙ නෑ ඒක නිසා ලියන්ඩ යනකොට අත කියන්නෙම ලියන්ඩ එපා කියලමයි. ඒත් මට අර කතන්දර කියන්නැහැ රයිටර්ස් බ්ලොක් එක හැදිල නෑ කියල මටම හිතෙන නිසාත් අද මොනව හරි ලියනවමයි කියල උදේ නැගිටිනකොටම හිතපු නිසාත් ලියන එක ලියනවාමයි........ අද ලියන්ඩ හිතුනා අපි සමහර වෙලාවට දකින ඒ දේ නිසාම සමහරු සෑහෙන අපහසුතාවයට පත් වෙන එක පොඩි දෙයක් ගැන. ඔය දේ මුලින්ම පටන් ගන්නෙ ඉස්කෝලෙන්. ඕගොල්ලො ගොඩ දෙනෙක් මේක දැකල තියෙන්නත් පුළුවන්. ඔය ගොඩක් වෙලාවට පාසල් කාලෙ ඉන්නව එක එක ආකාරයේ කල්ලි. මැර කල්ලිය (ඉගෙන ගන්න එච්චරම ආස නැති ජල්තර වැඩ වලට නම් දරාපු කල්ලිය - මාත් හිටියෙ මේකෙ) බ්රයිට් කල්ලිය (ඉගෙන ගන්න කල්ලිය) මෙලෝ රහක් නැති කල්ලිය (ඉගෙනීමට සම්බන්ධ නැති දෙයකට හරිම උනන්දුවෙන් සෙට් වෙලා ඒකෙම එල්ලීගෙන ඉන්න කල්ලියක්) මෝරුන්ගෙ කල්ලි ( සල්ලි තියෙන තාත්තලගෙ පුත්තු වටේ එකතු වෙලා ඒ පුතාලගෙන් යැපෙන කල්ලි - එකකට වැඩි ගානක් තියෙන්ඩ හැකියි) ඉතිං ඔය වගේ කල්ලි ඉස්කෝලෙන් පස්සෙත් පවතින වෙලාවල් තියෙනවා ඒත් හැමෝම නම් නෙමෙයි. අර මුලින්ම කියපු සෙට් එක නම් ගොඩක් වෙලාවට එකට ඉන