තවත් එක් මානවකයෙක් ....
පළවෙනි කොටහ බලපු නැති ඈයො එතනට ගිහිං ආවනං මේක අන්ඩර දෙමල වෙන එකක් නෑ මයෙ හිතේ... එදා ඉඳන් සමරවීරගෙ දින චරියාව උනේ පීටර් මුදලාලිගෙ කාර්යාලය උදේම ඇරලා දුරකතනෙන් එක ඇනවුම් බාර ගැනීම සහ ඒවා වාඩියෙන් ලෑස්ති වෙන දවස් අදාල ආයතන වලට දැනුම් දෙන එකයි. ඒ වගේම තමුන්ට මේ අවස්ථාව දුන්නු මුදලාලිට තමුන්ගෙ උපරිමෙන් කරනව කියල හිතාගෙන හැම ගනු දෙනුවක්ම බොහොම පිලිවෙලට ගිණුම්ගත කරපු සමරවීරගෙ අවංක කම දැක්ක මුදලාලි කල් යනකොට සමරවීරට සැලකුවෙ තමුන්ගෙම නෑයෙකුට වගේ. ඔය අතරෙ තමයි පීටර් මුදලාලිගෙ තරුණ දුව සමරවීරගෙ ඇහැට වැටෙන්නෙ. ඉන් පස්සෙ අනික් හැම ආදර කතාවක් වගේම ලස්සනට මේ කතාවත් ගලාගෙන ගියා. වෙනසකට තිබුනෙ තමුන්ගෙ වයාපාර දියුණු කරන්න කියලා තමුන්ගෙම ලී මෝලක් අරින්න යෝජනා කරපු සහ ඒක හොඳින් ක්රියාත්මක කරපු සමරවීරට පීටර් මුදලාලිගෙත් කැමැත්ත ලැබුණු එක විතරයි. අවුරුද්දක් වගේ කාලයක් ගත වෙනකොට පීටර් මුදලාලිගෙ සම්පූර්ණ ආශිර්වාදය මත සමරවීර ටිම්බර් ස්ටෝර්ස් ආයතනයේ කළමණාකරු වෙච්ච සමරවීරගෙයි පීටර් මුදලාලිගෙ එකම දුවගෙයි විවාහය ඒ පළාතෙ ගොඩ දෙනෙක්ගෙ සහභාගීත්වයෙන් සිද්ධ වුණා. එදා ඉඳන් සමරවීර සියලුම වයාපාර වල පාලකයා කරන්න වගේ