About Me

- අලුත් කොල්ලා
- සමහර දේවල් නැති වුණ.....සමහර දේවල් ගොඩක් අයට වඩා ඕනෙවටත් වැඩියෙන් ලැබුණ.............. ජීවිතේ බලාපොරොත්තු ගොඩක් තියෙන............. ජීවිතේ විඳින්න කැමති කොල්ලෙක්............
කොල්ලගේ යාලුවෝ......
Friday, April 8, 2011
බඩජාරියා
මේක ලොකුවට හිනා යන කථාවක් නොවුනත් මිනිස්සුන්ගෙ හැටි තේරුම් ගන්ඩ පුලුවන් කතාවක්........
ඔන්න කොල්ල එක්ක වැඩ කරන ජොකියෙක් ඉන්නව. මිනිහ කොල්ලගෙ ජාතියෙ එකෙක් නම් නෙමෙයි ඒ උනත් සමහර එකට වැඩ කරන කොල්ලගෙ ජාතියෙ උන්ට වඩා මේ යකා හොඳයි අවංක කම ගත්තොතින්, මොකද හිතේ එකක් තියාගෙන කටින් එකක් කියන ජාතියෙ සතෙක් නොවෙන නිසා.
ඔන්න අතුරු කථා.... අපේ රටේ ඉන්න සමහර මිනිස්සුන්ගෙ කුහක කම කියන එක හොඳටම බලාගන්ඩ පුලුවන් විදිහක් තමයි පිට රටකදි එකම තැන ඉන්ඩ ගියහම. හැමෝම එහෙම නොවුනත් ගඳයව හොඳටම අඳුරගන්ඩ පුලුවන් මෙහෙම උනහම...............
ඔය කොල්ල කලින් කියපු මෑන්ට කියමුකො ජෝන් කියල. ඔන්න ඉතින් ඔය ජෝන් තමයි කොල්ල එක්ක ගොඩක් වෙලාවට එලියෙ එල්ලෙන්ඩ යන්නෙ (හැන්ග් අවුට්). සෙනසුරාද හවස දිහාට ගිහින් ඉතින් පොඩි පොඩි හොඳ වැඩ ටිකක් කරල ආපහු ඉරිද හවස දිහාට එන එක තමයි සති අන්තෙ කොල්ලගෙයි ජෝන්ගෙයි කාල සටහන. මූ අපායට හරි යන්ඩ එන ජාතියෙ පුතෙක් තමයි අඬගැහුවොතින්, හැබැයි තියෙන එකම පොඩි අවුල කෑම දැක්කොත් එතනින් නැගිටින්නෙ අර තියෙන කැම ටික ඔක්කොම ඉවර වුනාට පස්සෙ තමයි. කොල්ලල ඉන්න ගෙදර කැම උයන්ඩ එන ගැණු කෙනා කොටින්ම කිව්වොත් හවස ගෙදර යනකොට බිත්තර ටික හංගල ගෙදර යන්නෙ ජෝන්ගෙන් බේරගන්ඩ, මොකද නැත්තම් උදේට තමන්ට බැණුම් අහන්ඩ වෙන නිසා කට්ටියගෙන් කැම නැති උනහම.
කොහොමින් කොහොමින් හරි මේ ජෝන්ට දවසක් වැඩ කර කර ඉන්නකොට කලන්තයක් වගේ ආව. හරි යන පාටක් නැති නිසා ගියා රෝහලට. ගිහින් බලනකොට දොස්තරල කියනව මෙයාට අධි රුධිර පීඩනය හැදිලයි කියල. හේතුව බලනකොට අනවශ්‍ය පමණට කැම කියල තමයි කියවුණේ. දවස් දෙකක් රෝහලෙත් ඉඳල, දොස්තරලගෙන් කරන්ඩ එපා කියන දේවල් ලැයිස්තුවකුත් අහගෙන ජෝන් ගෙදර ආව. ඔය ලැයිස්තුවෙ උඩින්ම තියෙන්නෙ
1) රෑට කෑම පුලුවනිනම් නවත්තන්ඩ
2)බිත්තර නොකා ඉන්ඩ
3)බැදපු දේවල් කන එක නවත්තන්ඩ
4)බීර බොන එක අඩු කරන්ඩ
ඇවිල්ල දවස් දෙකක් විතර මිනිහ පේන්ඩවත් හිටියෙ නැහැ කාමරේමයි.
තුන් වෙනි දවසෙ මිනිහ හවස ඇවිත් කොල්ලගෙන් අහනව
"කොල්ලො හෙන කම්මැලියි බන්...... මෙ ලඟ තැනට ගිහින් බැදපු කුකුල් මස් කැල්ලක් කාල බියර් එකක් බීල එමුද" කියල
ඔන්න ඔහොමයි ජෝන්ගෙ බඩජාරි කම ලෙඩේටත් වඩා ලොකු උනේ.....
Subscribe to:
Post Comments (Atom)
හප්පා... ඒ කියන්නේ මටත් ළඟදිම ඉස්පිරිතාලේ ලගින්න වෙයි වගේ... :D
ReplyDeleteකොයි දීපංකරේකද මේ අළුත් කොල්ලා ඉන්නේ?
ReplyDelete@ කො.ජී - :o ඒ කිව්වෙ ඔයාටත් කා බෑ වගේ එහෙනම් ........ ලොල්....
ReplyDelete@ ක.සූ - කොල්ල ඉන්නෙ නම් ආසියානු කලාපයෙම තමයි.... මේ රටට කියන්නෙ වියට්නාමය කියලා..
හොඳ පාඩම් හොඳ පාඩම් මේවා අපට හොඳ පාඩම්
ReplyDeleteඅඩේ කොජී, ඔයාව දැක්කහම නං මට එහෙම හිතුනේ නැහැනේ......
@ රන්දි - පේන විදිහට කො.ජී ප්‍රමාණයෙන් විතරයි වගේ කොට........ :p
ReplyDelete@Rabdil : හිහ්...හිහ්... හොඳ වෙලාවට මගේ බඩජාරි කම තාම ඇඟෙන් එච්චරම පේන්නේ නැහැ. ටික කාලෙකින් පෙනෙයි ඉතින්...
ReplyDeleteඅනේ රන්දි අක්කණ්ඩි පස්වහන් දහසකට සමා වෙන්න ඕනා. ඔයාව මගේ බ්ලොග් ලිපියේ මතක් කරන්න අමතක උනා. මම දැන් ගිහින් යටින් දාන්නම්... :D
ඉතින් උඹත් හා කියලා ගියා.........
ReplyDeleteමේ කොල්ල............. බැහැ කියනවද එහෙම හොඳ වැඩකට.............හිකිස්z..
ReplyDeleteඋඹත් ඉතිං උගේ ජීවිතේට හෙන ගහපං කියලා බඩජාරි කමට ගියා බියර් ගහන්න.................
ReplyDeleteලැජ්ජා නැතිකම මහමුදලිකමටත් වඩා ලොකුයි කිව්වා වගේ බඩජාරිකම අසනීපෙටත් වඩා ලොකුයි
ReplyDelete@ කල්හාර - නෑ නෑ... කොල්ල මුලින් ඇහුවා උගෙන් "උඹට ෂුවර්ද??" කියලා... ඌ කිව්ව ඔව් කියල.. එතනින් එහ තව මොනවද?? ඌට ෂුවර්නෙ....
ReplyDelete@හසිත - අරින්නෙපා..... එහෙමම තමයි....