සඳ බුල්ටෝ





මේ සිද්ධිය වෙන්නෙ 2000 පළමු දශකයෙ මුල් කාලෙදි. කොල්ල සහ යාලුවන් පිරිසක් විනෝද චාරිකාවක් විදියට යනව හෝර්ටන් තැන්නට.


ඒ කාලෙ ඉතින් අතේ කාසි පණම් එහෙම ලොකුවට නැති කාලෙනෙ, ඉතින් කට්ටිය පෙරුම් පුරාගෙන අමාරුවෙන් සල්ලි ටිකක් එක්කාසු කරගෙන රේල්ලුවෙ යන්ඩ පිටත් උනා. යන්ඩ කලින් හෝර්ටන් තැන්න ඇතුලෙම තියෙන බන්ගලාව වෙන් කරගෙන තමයි ගියෙ. එතන සෑහෙන දෙනෙක්ට නවතින්ඩ පුලුවන් වගේම කෑම බීම උයා පිහාගෙන කන එකෙත් අවුලක් නැති හින්ද ගෙවන ගානට උඩින්ම වටින තැනක්.




ඔන්න කෝච්චියෙන් ගිහින් ඉතින් තැන්න පැත්තට ලඟා වෙලා පිස්සු උපරිමයෙන් කෙලගෙන යනවා. යන අතරෙදි එකෙක්, අර දුලීතය, කියනව " මචෝ, කැලේ පැත්තෙන් බැහැගෙන යමු නේද? මාර ෆන් එකක් ගන්ඩ පුලුවන්" .... ඒ අතරෙදි තමයි එකෙක් කියන්නෙ කලින් හන්දියෙදි කෙනෙක් කිව්ව කියල ඔය කැලේ ඇතුලෙ දිවියො ඉන්නවයි කියන කතාව. ඕක කිව්ව කට්ටියටම. ඒත් කොටසක් අහන්නෙම නැහැ කියන දේ උන්ට යන්ඩම ඕනෙ කැලේ මැදින්. ඕනෙ එකක් වෙන්ඩ කියල කට්ටිය බෙදුන කණ්ඩායම් දෙකකට. කැලේ මැද්දෙන් යන උන් ටික එක පැත්තක. පාරෙන් යන උන් අනිත් පැත්තෙ.



ඔන්න පාරෙන් ගිය කට්ටිය ඇවිත් නවාතැනට සෙට් වෙලා එහෙම හැමදාම කරන පූජාව පටන් ගත්ත. මධ්‍යසාර පූජාව. වැඩේ කෙරීගෙන යනකොට ඇහෙනව සද්දයක් කටියක් එනව වගේ. ඒත් එච්චර ගනන් ගත්තෙ නැහැ මොකද කැලේ මැද්දෙන් ආපු උන් ටික එනකොට තව පැය 2-3ක් වත් යන බව දැනන් හිටපු නිසා.


මෙන්න එක පාරටම අනිත් උන් ටික මතු වෙනව එකා දෙන්න. කොල්ල හිටියෙ පාරෙන් ආපු සෙට් එකේ. ඒ පාර කට්ටියගෙන් ඇහුව 


"කොහොමද බන් කැලේ මැද්දෙ ගමන? එළද??" 


උන් කියනව 


"ඔව් බන් අපි හිතන්නෙ දිවිය සතෙක් මරල තියෙනව ටිකකට කලින්, ලේ තිබ්බ පඳුරු වල හැම තැනම" 


අපිට මේක විස්වාස මදි වගේ  ටිකක්. ඉතින් කට්ටියගෙන් විස්තරේ ඇහුව හාර අවුස්සල.මුන් කියන්නෙම ඒ කතාව තමයි.


විනඩි 10කින් වගේ එනව බස් එකක් කට්ටිය එලියට වෙලා ඉන්න අතරෙ. ඒක දැක්ක විතරයි කැලෙන් ආපු උන් එකා දෙන්න මාරු වෙන්ඩ ගත්ත. කොහොමින් කොහොමින් හරි බස් එකේ ආපු සෙට් එක මුන්ව දැකල අහනව.


"ආ මල්ලිලා.. මෙහෙ ඉන්නව කියල දන්නවනම් මෙතනින්ම බස්සනවනෙ. අපි මග ෆොටෝ ගන්ඩ නැවැත්තුව වෙලෙ පයින් ආවෙ ඇයි?"


පළමු කොටස අවසානයි... සඳ බුල්ටෝ ගැන ඊලඟ පෝස්ට් එකෙන් දාන්නම්.


Comments

  1. ඊගාව එකත් කියවලම දාමු නෙද......මොකක් හරි කුපාඩි වෑඩක් කරල වෙන්න ඇති......හිකිzzzzz

    ReplyDelete
  2. දෙන්න මචං පැය බාගයක් විතර කොල්ලට... කුපාඩි තමයි. දෙවෙනි කොටස ලියන ගමන් ඉන්නෙ.

    ReplyDelete
  3. මොකද කොල්ලො එකට ලියන්න තිබුන පෝස්ට් එක දෙකට කැඩුවෙ.....

    ReplyDelete
  4. දිග වැඩි නිසා සහ කාර්යාලයෙදි ඔක්කොම එක දිගට ලියන්ඩ අමාරු නිසා.....

    ReplyDelete

Post a Comment

Comments in any sort will keep me going. If you see anything I could improve please let me know so that I could improve right away... | තරඟෙක දුවද්දි වදින වතුර පාරක් වගේ තමයි ඔයාලගේ අදහස්... කියල නිම කරන්න බැහැ. වෙලා තියෙනවනම් ආසයි දැනගන්න......

Popular posts from this blog

බහලුම් පෙට්ටි

අවුරුදු දෙකක් වයස දරුවෙක්……….

How we arrived at Industry 4.0 / සිව් වෙනි කාර්.මික විප්ලවය දක්වා සැකෙවින්