කොල්ලාගෙන් තවත් වාහනයක් (Rolls-Royce Phantom)
කොල්ල අද ලෑස්ති වෙන්නෙ කට්ටියට කියන්ඩ තවත් වාහනයක් ගැන. ගොඩක් ධනපති උදවියගෙ සෞභාග්‍යවත් බව විදහා පාන්න පාවිච්චි කරන "සුපර් ලක්ෂරි" කියන කාණ්ඩය යටතේ වර්ග කෙරිල තියෙන මේ වාහනේ කාර් එකක්. ඒකෙ නම කියවෙන්නෙ සිංහල තේරුමෙන්නම් අවතාරයක් එහෙමත් නැත්තම් මායාවක් කියන එක. ඒක කොච්චර දුරට ඇත්තද කිව්වොත් අපි වගේ පුංචි පහේ උදවියට මේක ඇත්තෙන්ම මායාවක් තමයි. අටුවා ටීකා ඕනෙ නැහැ මීට වඩා මේ මෝටර් රථය තමයි රෝල්ස් රොයිස් සමාගමේ හදන Rolls-Royce Phantom කියන මාදිලිය. මේ මාදිලිය නිෂ්පාදනයට එන්නෙ 2003 වර්ෂයෙ. 2003 ඉඳන් අද දක්වාම මේ මාදිලිය බොහොම සාර්ථකව නිෂ්පාදනය වෙන වගේම විකිණීමත් අවුරුද්දෙන් අවුරුද්ද වැඩි වෙලා තියෙනව. මේ ෆැන්තම් මාදිලිය තමයි රෝල්ස් රොයිස් සමාගම තවත් ප්‍රසිද්ධ මෝටර් රථ සමාගමක් වෙන බී.එම්.ඩබ්ලිව් සමාගම යටතට පත් වුණාට පස්සෙ නිෂ්පාදනයට ගත්ත පළවෙනිම මාදිලිය. ඒ වගේම මේ මාදිලියෙන් විස්තරිත උප මාදිලි දෙකක් වෙන Rolls-Royce Phantom Drophead Coupé, සහ Rolls-Royce Phantom Coupé දැනට නිෂ්පාදනය වෙනව කියන එකත් ඕගොල්ලන්ට කියන්න පුලුවන්. මේ මෝටර් රථය ඉතාම ජනප්‍රිය රූපවාහිනී වැඩසටහනක් වෙන (කො