උපහාරය
මේ පෝස්ට් එක ලියුවෙ කොල්ල මුලින්ම කොල්ලගෙ බ්ලොග් එකේ සංඛ්‍යා ලේඛන බලපු වෙලාවෙදි. මේක දැකල කොල්ලට සතුටු හිතුන වගේම කොල්ල ආසාවෙන් පස්සෙන් යන (following) අනිත් ජ්‍යෙෂ්ඨයො කවුරුත් තරහ නොවෙයි කියල හිතන ගමන් කොල්ල ආසම කරන බ්ලොගයක් ලියන සහෝදරියකට උපහාරයක් පුදන්ඩ කැමතියි. ඒ සහෝදරී තමයි අපි කවුරුත් දන්න කො.ජී හෙවත් කොට ජීවිතේ . කොල්ල බ්ලොග් කෙරුවාවට ඇවිදින් වැඩි කාලයක් නැහැ, තාම යන්තම් මාස දෙකක්වත් නැහැ ඇත්තෙන්ම කිව්වොත්. ඒ වගේම තමයි කොල්ල තමන්ගෙ බ්ලොග් එක සින්ඩියකට එක්කාසු කරලත් තාම වැඩි කාලයක් නැහැ. ඒත් අද බලපු සංඛ්‍යා ලේඛන බැලුවහම දැකපු දේන් කොල්ලට ආපු සංතෝසෙ වචන වලින් කියන්ඩ බැහැ. මාස දෙකක් ගත නොවුනු ළදරු බ්ලොග් එක බලපු ගාන (hits) 2614ක්. පහල තියෙන්නෙ කොයි බ්ලොග් කාරයෙක් උනත් හරිම කැමති තමුන්ගෙ ගෙදරට පාර අනිත් අයට කියල දීපු අයගෙ විස්තරය. කොල්ලගෙ මේ උත්සාහයට තල්ලුවක් දීල සින්ඩියක් විදිහට කට්ටිය ගෙන්නන්ඩ උදව් කරපු කො.ජීට ස්තූතියි කියන්ඩ කොල්ල ලඟ වචන නැහැ Traffic Sources More ▸ http://kotajeewithe.blogspot.com...