බීපු ඩබල




මේක නම් මම කලින් කාගෙන් හරි අහපු කතාවක්. මරු කතාව නිසා දාන්න කියල හිතුනා

ඔන්න දවසක් රෑ බාර් එකෙන් එලියට ආවලු කන් පාත් වෙලා සාක්කු වලත් පතුලටම බැහැපු ඩබලක්. දෙන්න එලියට ඇවිත් ටික වෙලාවක් වට පිට බල බල ඉඳලා පයින්ම එක පැත්තකට ගියාලු.

ටික දුරක් ගිහින් එක පොරක් අනිත් පොරට කියනවලු මෙහෙම

1 පොර - ආ මචං. ඔන්න අපේ ගෙවල් ලඟටනම් ආවා. උඹට තනියම උඹේ දිහාට යන්න පුලුවන් නේද??

2 පොර - පිස්සුද යකෝ මේ මගේ ගෙදර. උඹට තනියම උඹේ ගෙදරට යන්න පුලුවන්ද??

1 පොර - උඹ බීල වැඩි වෙලා. මේ මගෙ ගෙදර යකෝ. මායි හාමිනෙයි පුතයි විතරයි මෙහෙ ඉන්නෙ. උඹ කොහෙ ඉන්නද මේ ගෙදර??

2 පොර - මේ මේ පිස්සු කෙලින්න ලෑස්ති වෙන්න එපා… මේ මගෙ ගෙදර. මායි අම්මයි තාත්තයි විතරයි ඉන්නෙ මගෙ ගෙදර.

ඔන්න ඔහොම පැය කාලක් විතර දෙන්න වාද කර කර ඉන්නවලු. ඊට පස්සෙ.

1 පොර - හා හා වරෙන් අපි දොරට තට්ටු කරල අහමු මේ කාගෙ ගෙදරද කියලා

ඔන්න දොරට ටික වෙලාවක් තට්ටු කරාම ගෑණු කෙනෙක් දොර ඇරියලු.

2 පොර - සොරි ඈ කරදර කරාට මේ රෑ. අපිට කියන්න මේ කාගෙ ගෙදරද කියලා

කාන්තාව - හිටු කොස්ස අරන් එනකම් මම. අදත් තාත්තයි පුතයි දෙන්න සිහි නැති වෙන්න බීල මෙතන ඇවිත් නේද මට වද දෙන්න.


Comments

  1. පිංතූරෙනං පට්ට !! කතාව කලින් අසා ඇත....

    ReplyDelete
  2. මරු කතාව. මෙහෙත් ඔය වගේ අය වැහි වැහැලා

    ReplyDelete
  3. බොන්න ගියාම තාත්තා පුතාත් අමතක වෙලා..

    ReplyDelete
  4. අදත් තාත්තයි පුතයි දෙන්න සිහි නැති වෙන්න බීල මෙතන ඇවිත් නේද මට වද දෙන්න.

    :D :D
    අපි දන්න ඔහොම අයියා මලෝ ජෝඩුවක් නම් ඉන්නවා :D

    ReplyDelete
  5. හයියෝ.. සංසාරේ............:-D

    ReplyDelete
  6. පොටෝව නියමයි බොල

    ReplyDelete
  7. තාත්තයි පුතයි එකට සෙට් වෙන එවුන් අඩුයි. ඒ උනාට සෙට් වෙන එවුන් නැත්තෙත් නෑ.

    ReplyDelete
  8. අලේ අයියේ ෆොටෝ එක කොහෙන්ද බං හොයාගත්තේ

    ReplyDelete
  9. කතාවත් රූපයත් තකට තක ..

    අහල නොතිබ්බ කතාවක් ..

    ReplyDelete
  10. පට්ට කතාව :) :)

    ReplyDelete
  11. අහලා තිබුනේ නෑ. කියවගෙන යනකොට හිතුනා....:D

    ReplyDelete
  12. හික් හික් මරු තාත්තයි පුතයි.....

    ReplyDelete
  13. ajuutha kale viparitha buddhi kawwalu...

    (podi gamaya)

    ReplyDelete
  14. @ හීනයා - එළ එළ තැංකිව් ආවට ඈ...

    @ මාතලං - ගොඩක් ඉන්නවද බං?

    @ දිනේශ් - අනේද කියන්නෙ..

    @ කෝච්චියා - උඹලෑ ගෙදරද :P

    @ පසා - ඇඩෙනවා..

    @ ඕනෙ - තැංකිව් තැංකිව්

    @ කිරි පුතා - අපෝ සෑහෙන්න ඉන්නවා බං...

    @ කණියා - ජාලෙං බං වෙන කොහෙන්ද?? :))

    @ සඳරුවා - තැකිව් මලයා

    @ bckurera - ස්තූතියි ඇවිත් ගියාට

    @ පො.කූ - ඔයා ඉතිං ක්‍රියේටිව්නෙ, හිතෙනවා මුල කියවනකොට. :)

    @ ඔබ නොදුටු ලොවක් - මේ වගේ අය ඇති තව...

    @ පොඩි ගමයා - අනේද කියන්නෙ

    ReplyDelete

Post a Comment

Comments in any sort will keep me going. If you see anything I could improve please let me know so that I could improve right away... | තරඟෙක දුවද්දි වදින වතුර පාරක් වගේ තමයි ඔයාලගේ අදහස්... කියල නිම කරන්න බැහැ. වෙලා තියෙනවනම් ආසයි දැනගන්න......

Popular posts from this blog

බහලුම් පෙට්ටි

Overview of Garment Merchandising - ඇඟලුම් අංශයේ මර්චන්ඩයිසිං ගැන සරලව කෙටියෙන් (What is the role of my job to the industry | මගේ රැකියාව සහ ඇඟලුම් කර්මාන්තය අතර සබඳතාව)

අවුරුදු දෙකක් වයස දරුවෙක්……….