අද කාලෙ ගොඩක් ව්‍යාපාර කටයුතු කෙරෙන්නෙ අපේ රට ඇතුලෙ විතරක් නෙමෙයි. ජාත්‍යන්තරව පැතිරුණු සැපයුම් කරුවො, ගැණුම් කරුවො ඉන්න ව්‍යාපාරික ලෝකෙක මේ වෙලඳ කොන්දේසි කියන්නෙ මොනවද කියල පොඩි විස්තරයක් සටහන් කරන්නයි මම හදන්නෙ. අපේ සමහර සහෝදර සහෝදරියො ඔය වෙලඳ කොන්දේසි වලට කෙටියෙන් කියන නම් ඇහුවහම කිසිම දෙයක් නොදන්න නිසාත් කොයි දේ වුණත් දැනගෙන හිටියාම පසු කලෙක ප්‍රයෝජනවත් වෙන්න පුළුවන් නිසාත් ඔන්න පොඩි සටහනක්. මෙතන විස්තර වෙන්නෙ ගොඩක්ම ජනප්‍රිය ක්‍රම පමණක් නිසා සමහර විට මගෙ අතින් පොඩි පොඩි දේවල් මග ඇරෙන්න පුළුවන්. එහෙම ඔයාල දැක්කොත් කමෙන්ට් එකකින් මාව දැනුවත් කරන්න. 1) භාණ්ඩයේ මිල පමණයි කොන්දේසිය (Ex Works) භාණ්ඩයක නිෂ්පාදනයට යන වියදම් (අමු ද්‍රව්‍ය, කම්කරු වියදම්) ඒකකයක් වශයෙන් අරගෙන භාණ්ඩයේ මිල තීරණය කරන එක තමයි මේක්‍රමය වෙන්නෙ. එතකොට කිසියම් පිට රටක ඉන්න ගැණුම් කරුවෙක් හෝ අපේම රටේ ඉන්න ගැණුම් කරුවෙක්ට සිදු වෙනවා අපේ ආයතනයේ ගබඩවෙන් (හෝ නම් කරන ලද ස්ථානයකින්) භාණ්ඩ ටික අරන් යන්න. හදිසියේවත් ඒ භාන්ඩ මිළදී ගන්නෙ පිට රටක ඉන්න ගැණුම් කරුවෙක් නම් ඔවුන්ට සිද්ධ වෙනවා නිශ්පාදනය කරපු රට ඇතුලේ සිද...