වැඩ නිසා බ්ලොග් එක පැත්තෙ එන්න හිතෙන්නෙත් නෑ වෙලාවකට. ඒත් වැඩක් පටන් ගත්තම මග නතර කරන්න හොඳ නෑ කියනවනෙ, ඒක නිසා පොඩි උත්සාහයක් ගන්නවා කතන්දරයක් වගේ එකක් ලියන්න. හිමින් ලියන නිසා එක කොටසක් එච්චර දිග වෙන එකක් නෑ. ඕගොල්ලන්ගෙ අදහස් ගොඩක්ම වටිනවා මේක ලියවෙන විදිහ ගැන. වෙලාව උදේ 7.30ට විතර ඇති. වාහනේ එලවන්න තිබුණු කම්මැලි කම නිසා බස් එකකින් කොලඹ යන්න නිට්ටඹුව නුවර පාරෙ තිබුණු බස් නැවතුම්පලට ආවත් එන හැම බස් එකකම සෙනග ඉතිරිලා ගිහින්. කම්මැලි කම පැත්තක දාල කාර් එකේ ආවනම් මෙලහට කිලෝමීටර් ගානක් ගිහිනුත් ඉවරයි නේද කියල නිලන්තට හිතුනා. නිලන්ත සමරවීර, එක්තරා සාමානය පන්තියෙ කොල්ලෙක් කියල දකින කාටත් හිතෙන ජාතියෙ චරිතයක්. පදිංචිය නිට්ටඹුවෙ. වයස අවුරුදු 25-26ක් තරම්. පවුලෙ තමන්ගෙම කියල කවුරුත් නැති වෙන්නෙ නිලන්තට වයස අවුරුදු 18දි. ඒක වෙන්නෙ මෙහෙමයි………… සමරවීර මුදලාලි කියන්නෙ පස්යාල කියන පැත්තෙ සාර්ථකම ලී වෙලඳාම අයිතිව තිබුණු කෙනා. මුදලාලිගෙ පවුලෙ හිටියෙ එයාගෙ බිරිඳයි එකම පුතායි විතරයි. දෙහිඅත්තකණ්ඩියෙ ඉඳන් අවුරුදු විස්සකට විතර කලින් කොළඹ එන්න ඇවිත් මගදි හම්බු වුණු මනුස්සයෙක් නිසා ලී වාඩියක වැඩට ආපු