About Me

- අලුත් කොල්ලා
- සමහර දේවල් නැති වුණ.....සමහර දේවල් ගොඩක් අයට වඩා ඕනෙවටත් වැඩියෙන් ලැබුණ.............. ජීවිතේ බලාපොරොත්තු ගොඩක් තියෙන............. ජීවිතේ විඳින්න කැමති කොල්ලෙක්............
කොල්ලගේ යාලුවෝ......
Thursday, April 14, 2011
අවුරුදු ඇවිත්...........
ක්‍රිස්තු වර්ෂ 2011 අප්‍රියෙල් මාසෙ දහ හතර වෙනිදත් උනා..... කොල්ලලට වෙනද දවසක් වගේම උනාට මව් රටේ හිටියනම් අද දවසෙ තියෙන විශේෂත්වය අමුතුවෙන් නොකියන්ඩ බැරි තරම්මයි කියන එක අපි කවුරු උනත් හොඳින්ම දන්නවනෙ.
කොහා මේ කොල්ල ඉන්න දිහා කෑ ගහන්නෙ නැති උනත් අපෙ යාලුවොනම් ඒ සද්දෙ ආසාවෙන් අහගෙන ඉන්නවයි කියන එක හිතෙනකොටත් පුන්චි දුකක් වගේ දැනුනත්,හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්ටයි කියල කියනව කොල්ල.
ලැබුවා වූ නව වසර කිරියෙන් පැණියෙන් ඉතිරෙන එකක් වේවා කියල බ්ලොග් අවකාශෙටයි මුලු ලෝකෙම ඉන්න අපේම ඈයොන්ටයි සුභ පතන ගමන්,
මේ දැන් හිතට ආපු සිතුවිල්ලක් කවියක් වගේ වෙන්ට ඇති කියල පහළින් දානව.
දුර ගව් ගනන් මුහුදෙන් පිට සිටියාට.....
හෙළ කුල සිරිත් අමතක වී නැහැ මෙමට.....
අවුරුදු ඇවිත් ඔබ හැම ගේ දොරකඩට...
පින් නැහැ මෙමට අවුරුදු සිරි විඳගන්ට........
Subscribe to:
Post Comments (Atom)
සුභ අළුත් අවුරුද්දක් වේවා උඹටත්...!!
ReplyDeleteඋඹට සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා . . . .
ReplyDelete@ zසෝරෝ - ඉස්තූතියි මචන්.........
ReplyDelete@ ඕනයා - එළ මචන්... සමරපන් අවුරුද්ද හොඳටම....
සියලු පැතුම් ඉටුවන සුභම සුභ නව වසරක් වේවා කොල්ලෝ.....
ReplyDeleteඅහස් කොල්ලටත් එසේම වේවා කියල ප්‍රාර්ථනා කරනව.............. සුබම වෙන්ට ඕනෙ නව වසර.........
ReplyDeleteසුබ අලුත් අවුරුද්දක් වේවා සහෝ !
ReplyDeleteඑසේම වේවා කුක්කු පැටි සහෝ...................
ReplyDeleteලියවෙන ගෙතෙන කියවෙන හැම අකුරකම
ReplyDeleteලොකු බලයක් ඇතිය ඒ ගැන සැකය කිම
බ්ලොග් කියවන ලියන හැමටම ලබන මෙම
නව අවුරුද්ද ජයවේවා පතමි මම
දාහක් හමාරක් තව ලිපි ලියවේවා
කියවන අයගෙ ඇස් ඒ දෙස යොමුවේවා
සැමටම එයින් හද තුල තුටු ඇතිවේවා
සිංහල වියුණු අවකාශය බැබලේවා!
-කතන්දරකාරයා
@ ක.සූ -
ReplyDeleteබ්ලොග් අවකාශයේ දෙටු ඇත්තන් අතරේ...
හැම විට කියවෙනා අප මේ කතන්දරේ...
දෙන තල්ලුවට මා හට ඔබ නිරන්තරේ...
කොල්ලාගෙන් ක.සූ හට මේ උපහාරේ....
ලියනා කතන්දර ඔක්කොම හිට් වෙන්ටයි..
දවසට දෙක තුනක් එව්වා ලියවෙන්ටයි...
දන මන පිනන ඒ පින ඔබ ලැබගන්ටයි..
මේ අවුරුද්ද කිරි පැණියෙන් උතුරන්ටයි....
අමාරුවෙන් පටලගත්ත කවි වගේ එව්ව දෙකක් දැම්ම.. හික්ස්zz
සුබ අලුත් අවුරුද්දක් වේවා!!
ReplyDeleteඑසේම වේවා නදී............. කිරි පැණියෙන් ඉතිරේවා.........
ReplyDeleteසුබම සුබ අලුත් අවුරුද්දක් වේවා...........
ReplyDeleteඑසේම වේවා මචන්.... ස්තූතියි..
ReplyDelete