අවුරුදු ඇවිත්...........




ක්‍රිස්තු වර්ෂ 2011 අප්‍රියෙල් මාසෙ දහ හතර වෙනිදත් උනා..... කොල්ලලට වෙනද දවසක් වගේම උනාට මව් රටේ හිටියනම් අද දවසෙ තියෙන විශේෂත්වය අමුතුවෙන් නොකියන්ඩ බැරි තරම්මයි කියන එක අපි කවුරු උනත් හොඳින්ම දන්නවනෙ.



කොහා මේ කොල්ල ඉන්න දිහා කෑ ගහන්නෙ නැති උනත් අපෙ යාලුවොනම් ඒ සද්දෙ ආසාවෙන් අහගෙන ඉන්නවයි කියන එක හිතෙනකොටත් පුන්චි දුකක් වගේ දැනුනත්,හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්ටයි කියල කියනව කොල්ල.


ලැබුවා වූ නව වසර කිරියෙන් පැණියෙන් ඉතිරෙන එකක් වේවා කියල බ්ලොග් අවකාශෙටයි මුලු ලෝකෙම ඉන්න අපේම ඈයොන්ටයි සුභ පතන ගමන්,


මේ දැන් හිතට ආපු සිතුවිල්ලක් කවියක් වගේ වෙන්ට ඇති කියල පහළින් දානව. 




දුර ගව් ගනන් මුහුදෙන් පිට සිටියාට.....
හෙළ කුල සිරිත් අමතක වී නැහැ මෙමට.....
අවුරුදු ඇවිත් ඔබ හැම ගේ දොරකඩට...
පින් නැහැ මෙමට අවුරුදු සිරි විඳගන්ට........



Comments

  1. සුභ අළුත් අවුරුද්දක් වේවා උඹටත්...!!

    ReplyDelete
  2. උඹට සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා . . . .

    ReplyDelete
  3. @ zසෝරෝ - ඉස්තූතියි මචන්.........
    @ ඕනයා - එළ මචන්... සමරපන් අවුරුද්ද හොඳටම....

    ReplyDelete
  4. සියලු පැතුම් ඉටුවන සුභම සුභ නව වසරක් වේවා කොල්ලෝ.....

    ReplyDelete
  5. අහස් කොල්ලටත් එසේම වේවා කියල ප්‍රාර්ථනා කරනව.............. සුබම වෙන්ට ඕනෙ නව වසර.........

    ReplyDelete
  6. සුබ අලුත් අවුරුද්දක් වේවා සහෝ !

    ReplyDelete
  7. එසේම වේවා කුක්කු පැටි සහෝ...................

    ReplyDelete
  8. ලියවෙන ගෙතෙන කියවෙන හැම අකුරකම
    ලොකු බලයක් ඇතිය ඒ ගැන සැකය කිම
    බ්ලොග් කියවන ලියන හැමටම ලබන මෙම
    නව අවුරුද්ද ජයවේවා පතමි මම

    දාහක් හමාරක් තව ලිපි ලියවේවා
    කියවන අයගෙ ඇස් ඒ දෙස යොමුවේවා
    සැමටම එයින් හද තුල තුටු ඇතිවේවා
    සිංහල වියුණු අවකාශය බැබලේවා!

    -කතන්දරකාරයා

    ReplyDelete
  9. @ ක.සූ -

    බ්ලොග් අවකාශයේ දෙටු ඇත්තන් අතරේ...
    හැම විට කියවෙනා අප මේ කතන්දරේ...
    දෙන තල්ලුවට මා හට ඔබ නිරන්තරේ...
    කොල්ලාගෙන් ක.සූ හට මේ උපහාරේ....

    ලියනා කතන්දර ඔක්කොම හිට් වෙන්ටයි..
    දවසට දෙක තුනක් එව්වා ලියවෙන්ටයි...
    දන මන පිනන ඒ පින ඔබ ලැබගන්ටයි..
    මේ අවුරුද්ද කිරි පැණියෙන් උතුරන්ටයි....

    අමාරුවෙන් පටලගත්ත කවි වගේ එව්ව දෙකක් දැම්ම.. හික්ස්zz

    ReplyDelete
  10. සුබ අලුත් අවුරුද්දක් වේවා!!

    ReplyDelete
  11. එසේම වේවා නදී............. කිරි පැණියෙන් ඉතිරේවා.........

    ReplyDelete
  12. සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා...........

    ReplyDelete
  13. එසේම වේවා මචන්.... ස්තූතියි..

    ReplyDelete

Post a Comment

Comments in any sort will keep me going. If you see anything I could improve please let me know so that I could improve right away... | තරඟෙක දුවද්දි වදින වතුර පාරක් වගේ තමයි ඔයාලගේ අදහස්... කියල නිම කරන්න බැහැ. වෙලා තියෙනවනම් ආසයි දැනගන්න......

Popular posts from this blog

බහලුම් පෙට්ටි

Overview of Garment Merchandising - ඇඟලුම් අංශයේ මර්චන්ඩයිසිං ගැන සරලව කෙටියෙන් (What is the role of my job to the industry | මගේ රැකියාව සහ ඇඟලුම් කර්මාන්තය අතර සබඳතාව)

අවුරුදු දෙකක් වයස දරුවෙක්……….