අපෙන් වෙන් වුණු විශිෂ්ටයා නීල් ඇල්ඩන් ආම්ස්ට්‍රෝං
2012 අගෝස්තු 25 වෙනිදා ලෝකෙන් යන්නම ගිය, 1969 ජූලී 20 වෙනිද ලෝකෙටම අමතක නොවෙන අත්දැකීමක් ලබා දුන්නු අපි කවුරුත් දන්න නීල් ආම්ස්ට්‍රෝං ගැන පොඩි විස්තරයක් ලියන්න හිතුණා. 1930 අගෝස්තු 05 වෙනිදා ඇමරිකාවේ ඔහියෝ වල ජීවත් වුණු විගණන පරීක්ෂකවරයෙක් වුණ ස්ටීවන් කෝනිග් ආම්ස්ට්‍රෝං සහ වයලා ලුයිස් යුවලට පුතෙක් ලැබෙනවා.නීල් ඇල්ඩන් ආම්ස්ට්‍රෝං විදිහට නම් තැබෙන ඒ පුතාට පසුව තවත් දරු දෙදෙනෙක්ගෙ සුරතල් බලන්නත් මේ යුවල වාසනාවන්ත වෙනවා. රජයේ විගණන පරීක්ෂකවරයෙක් වුණ ස්ටීවන්ගෙ රාජකාරි ජීවිතය නිසා නීල්ට වයස අවුරුදු 15ක් වෙනකොට ඔවුන් ජීවත් වුණේ තමුන් ඒ වෙනකම් එක දිගට වෙනස් කරපු 20 වෙනි නගරයෙ. හැමදාම නගරයෙන් නගරයට යන එක නීල්ට එක අතකින් කරදරයක් වුණත් මුලු ලෝකෙටම බලපාන එක දවසක් උදා වෙන කොට ඒකෙ කොටස් කාරයෙක් වෙන්න නීල්ට පුළුවන් උනේ ගුවන් යානා වලට ඇති උණු ඇල්ම නිසා කිව්වොත් හරි. වයස අවුරුදු 2 වෙනකොට ඔහුගෙ පියා නීල්ව ගුවන් යානා තරඟ බලන්න එක්ක යනවා. ඉන් පස්සෙ තමුන්ගෙ පළමුවෙනි ගුවන් ගමනට නීල් සහභාගි වෙන්නෙ ඔහුට වයස අවුරුදු 6ක් වෙද්දි. කොහොමින් හරි තමුන්ට අවුරුදු 15ක් වෙද්දි නීල් ගුවන් යානා පැදවීමේ සහ