අනුන්ගෙ රස කථා ලිව්වට අපිටත් එක එක රස කථා සිද්ධ වෙනවනෙ.... මෙන්න මේක කොල්ලට මේ ලඟදිම වෙච්ච ලැජ්ජාවෙ බැරි සත්‍ය සිද්ධියක් පාදක කොටගත් කථාවක්. දිනය - පසුගිය සතියේ දිනක් ස්ථානය - කොල්ල දැනට ඉන්න ගෙදර වේලාව - දැනට ඉන්න රටේ වෙලාවෙන් රාත්‍රී 10 ට පමණ නම් ගම් මනංකල්පිතයි කොල්ලගෙ යාලුවෙක් ඉන්නව ලංකාවෙ. මිනිහට ගැලපෙනම නම තමා ගලා, වැරදියට හිතන්ඩ එපා, ගලා කිව්වෙ පොර දැක්කොත් එතන අර ගල් බෝතලයක් දකින්ඩ ලැබෙන නිසා මිසක් වෙන ගලක් ගැන නෙමෙයි. ඒකෙ අවුලක් නැහැ ඉතින් කොල්ලගෙ යාලුවොත් කොල්ල වගේ නොවුනොත් කොහොමෙයි උන් යාලුවො වෙන්නෙ නේද? මේ ගලා හරි හිත හොඳ කොල්ලා, කොල්ල හැමදාම ගෙදර යන වෙලාවට ලංකාවෙ ප්‍රවාහන පහසුකම් වලින් වැඩි හරියකට අනුග්‍රහය දක්වන්නෙ ඉතිං මේ ගලා තමයි. ගලා ලඟදි ගත්ත උකුල උඩ තියාගන්ඩ පුලුවන් පරිගණකයක්, ඔය සිංහලෙන් ලැප් ටොප් කියන්නෙ, මේ දවස් වල ඉතින් හරිම ලේසියි මෙයාව සම්බන්ධ කරගන්ඩ, හරියටම කිව්වොත් බැංකුවක ඇමතුම් මධ්‍යස්ථානයක් වගේ, කොයි වෙලෙත් ඉන්නවා වැල උඩමයි (online). අර ඉහත කී දවසෙ කොල්ල දැක්ක ගලා සාමානයයෙන් කතා බහට පාවිච්චි කරන මෘදුකාංගෙ පෙන්නුම් කරනව. ඉත...