නිදිමත



කොල්ලට මේ දවස් වල අලුතින්ම බලපාල තියෙනව එදිනෙදා වැඩ අවුල් කරන්ඩ පුලුවන් ජාතියෙ හූනියමක් වගේ එකක්. ඒක තමයි නිදිමත...........


මහ රෑ වෙනකම් ඇහැරගෙන ඉඳල පාන්දර 2-3 වෙනකොට නිදාගෙන ආපහු උදේ 6.30ටත් කලින් නැගිටින එක අමාරුයි නේද? ඔන්න ඕක දැන් වෙනව සති ගානක් තිස්සෙ. ඔය රෑ ඇහැරගෙන හිටියත් බ්ලොග් එකේ මුකුත් ලියන්ඩ හිතෙන්නෙත් නැහැ (අපේ කතන්දර මහත්තය කියන්නැහෙ අර රයිටර්ස් බ්ලොක් ද මොකක්ද හැදිලද දන්නෙත් නැහැ )


අත්හදා බලන්න එපා ඒත් නිකමට බැලුවොත් මෙහෙම නැගිටගෙන ඉඳල උදේ වැඩට ගිහින් වැඩ කරනව කියන්නෙ ඉතින්......... අපාය ගැන පොත් පත් වලින් දැකපුව ඇත්තද කියලත් හිතෙනව.


අවුරුදුත් පහු උනා..... වෙන දවසක් වගේම අවුරුදු දවසෙත් වැඩට ඇවිත් ගෙදර ගිහින් පවුලෙ කට්ටිය එක්ක සතුටු සාමීචියක් දාගෙන ඉඳල නිදාගත්ත.


මේ පෝස්ට් එක දාන්නෙ තේරුමක් ඇතුව නෙමෙයි. කොල්ලගෙ කෙටි කාලීන නිහැඬියාව වහගන්ඩ එක්කම ආපහු ලියන්ඩ පොඩි කික් එකක් ගන්ඩත් එක්ක නිසා. කියවන්ඩ දෙයක් නැති වීම ගැන තරහ වෙන්න එපා.


ජීවිතේ ගලාගෙන යන විදිහ වෙනස් උනා පහු ගිය ටිකේ. මේ බ්ලොග් එක පටන් ගත්තෙ ලඟට වෙලා හිටි කම්මැලි කම මරල දාන උවමනාවෙන් වුනත් ලියාගන්ඩ වෙලාවක් නැති තරමට වැඩ ගොඩ උනා. කොහොම උනත් ආපහු පරණ විදිහට ජීවිතේ හැඩ ගහගත්තොත් කාටත් දුකක් නැතිව ඉස්සරහට යන්ඩ පුලුවන් වෙයි කියල හීතෙන නිසා අදින්ම පටන් ගන්ඩ හිතුව වෙනස් වීම ආරම්භ කරන්ට. 


මේක ලියුවෙ කෑම කන විවේක වෙලාවෙදි. රෑ වෙලා පරන කුනු කන්දල් ටිකක් අවුස්සල කථාවක් ලියන්ට පටන් ගන්න එක ගන්නවාමයි.

Comments

  1. අළුත් කොල්ලව අමතක වේගෙන යන්නේ ..ඔක්මනට මොනවා හරි නොලීවොත් ..මෙහෙම කෙනෙක් උන්නද කියලාවත් අපිට මතක හිටින එකක් නෑ .. කම්මැලිකම විසිකරලා ලියපං කොල්ලෝ ! හැබැයි ඉතින් ලස්සන දෙයක් ,,,

    ReplyDelete
  2. අඩෙ අප්පා එහෙමද?? ලියන්ඩ ඕනෙ අද ර වෙලා ආවෙ ගෙදර. හෙටනම් ලියනවමයි..

    ReplyDelete
  3. රටිටර්ස් බ්ලොක් එකක්ද, පුකේ කම්මැලිකමක් ද මන්දා!

    ReplyDelete
  4. @ ka.soo - peina widhihata ara kiwwa kammAli kamak thamayi...... adhanam liyana eka liyami...

    ReplyDelete
  5. මටත් ඔය නිදිමත වැඩේ නම් තදටම තියෙනවා. කොච්චර ට්‍රයි කරත් රෑට නින්ද යන්නෙම නැහැ. හැමදාම නිදා ගන්නේ 1ට 2ට. හැබැයි ඉතින් මට වැඩ ගොඩ ගැහිලා නිසා, ඒවා මතක වෙනකොට නිදා ගන්න හිතෙන්නෙත් නැහැ.
    කම්මැලිකම් පැත්තක තියලා ලියන්න. මට මේ දවස්වල ලියන්න තියා කිවන්නවත් වෙලාව හදා ගන්න හරිම අමාරුයි. :(

    ReplyDelete
  6. අයියෝ අයියෝ කො.ජී ඔයත් එහෙමද? ලියන්ඩ නම් පටන් ගත්ත අද ඉඳන්.....
    කින්නරාවිව මැරුවද?

    ReplyDelete
  7. අනේ නැහැ. ඒකේ ඉතුරු කොටස අද ලියන්න පටන් ගන්න ඉන්නේ... :)

    ReplyDelete
  8. අරින්න එපා පුතා ......... නිදිමත දෙන්න බල්ලට බල්ලව එලවන්න ගෙදරින්........ ඔයා ලියන්න........

    ReplyDelete
  9. හික්ස් එළ කථාව.... කොහෙන්ද බං ඒ අදහස ආවෙ?

    ReplyDelete

Post a Comment

Comments in any sort will keep me going. If you see anything I could improve please let me know so that I could improve right away... | තරඟෙක දුවද්දි වදින වතුර පාරක් වගේ තමයි ඔයාලගේ අදහස්... කියල නිම කරන්න බැහැ. වෙලා තියෙනවනම් ආසයි දැනගන්න......

Popular posts from this blog

බහලුම් පෙට්ටි

Overview of Garment Merchandising - ඇඟලුම් අංශයේ මර්චන්ඩයිසිං ගැන සරලව කෙටියෙන් (What is the role of my job to the industry | මගේ රැකියාව සහ ඇඟලුම් කර්මාන්තය අතර සබඳතාව)

අවුරුදු දෙකක් වයස දරුවෙක්……….