වල් පල් නොලියා වැඩක් ඇති දෙයක් ලියන්න හිතුවා. මගෙ නිර්මාණයක් නෙමෙයි මේක. ඔය කාටත් යන්න පුළුවන් අන්තර්ජාලෙ කතෘ කෙනෙක් නැතිව තියෙන ලියුම් වලිං එක්කහු කරගත්තු දේවල්. සිංහලෙන් කියවන කාට හරි ප්‍රයෝජනවත් වෙන්න මං සිංහලෙන්ම ලිව්වා. මගෙ අත්දැකීමුත් 30%ක් විතර ඇති මෙතන. ව්‍යාපාරයක මූලික අරමුණ වෙන්නෙ පාරිභෝගිකයින් තමුන්ගේ ව්‍යාපාරයට ඇති ඇල්ම එකම මට්ටමක රඳවාගැනීම හෝ තව්ත් වැඩි දියුණු කර ගැනීම. එක අතකින් බැලුවොත් පාරිභෝගිකයින්ගෙ හදවත් වලට කතා කිරීම. ව්‍යාපාරයක රඳා පැවැත්මෙ තව කණුවක් වෙන්නෙ ව්‍යාපාරයෙ එදිනෙදා කටයුතු වලට කෙලින්ම සම්බන්ධ වෙන සේවකයින්. සේවකයින් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. කළමනාකරන සේවකයින් (Team Leaders ,Supervisors ,Managers) සහ කළමණාකරන නොවන සේවකයින් විදිහට. කළමණාකරන සේවකයන් තමයි වක්‍රව කිසියම් වයාපාරයක නැග්ම හෝ බැස්ම තීරණය කරන සාධකය. හොඳ කළමණාකරුවෙක් අපිට සමාන කරන්න පුළුවන් හොඳ මෝටර් රථ ක්‍රීඩකයෙකුට. මෝටර් රථයෙ තියෙන අශ්ව බල ප්‍රමාණය, ගියර් අනුපාත, තිරිංග පද්ධතිය වගේ දේවල් ගැන කාලයත් එක්ක අත්දැකීම් ලබාගෙන, තමන් වාහනය පදවන පාරෙ තත්වය එක්ක ඒ හැම දේම හරි විද...