පහු ගිය අප්රියෙල් මාසෙ අපි ගියා විල්පත්තුවටයි ඩොල්ෆින්ලා බලන්නයි. දවස් 3ක ගමනක් විදියට තමයි අපි ඒක සැලසුම් කරගෙන ගියේ. සෙනසුරාදා උදේ 9ට වගේ ගෙදරින් පිටත් වුණ අපි දවල් 2-3 වෙද්දි කල්පිටියයි නොරොච්චෝලෙයි අතර ඉල්ලන්තඩිය කියන පළාතෙ තිබුණ අපෙ හෝටලේට සේන්දු උණා. දවල්ට කාල බීල එහෙම අපි ටිකක් නිදහසේ කාලය ගත කරලා රෑ කෑම අරන් කලින්ම නින්දට ගියේ පස්සෙන්දා පාන්දරින්ම විල්පත්තු බැද්ද අස්සෙ රිංගන්න ලැහැස්ති කරගෙන හිටපු නිසයි. හෝටලේ අවට අපි දැක්කා හුලඟෙන් විදුලිය උපද්දවන්න පාවිච්චි කරන ලොකු හුලං පෙති වගයකුත්. අපි හිටි දිහා දැවැන්ත හුළං පෙති උදේ 6 වෙද්දි අපි හෝටලෙන් පිටත් වුණේ විල්පත්තු ගමනට. පුත්තලම ටවුන් එකේ ඒ වෙද්දි ඇරල තිබුණු එකම කඩෙන් උදේට එහෙම කාලා එතැනින්ම දවල් කැලේදි කන්නත් කෑම පාර්සල් කරගත්තෙ කැලේ ඇතුලෙ කන්න කඩ නැති නිසා. ඕං ඒටික ඉවර වෙලා අපි ගියා එළුවන්කුලමට. එළුවන්කුලම තියෙන්නෙ පුත්තලමෙ ඉඳන් කිලෝමීටර 40ක් විතර දුරින්. එළුවන්කුලමට ගිහින් අපි සෆාරි ජීප්/ඩබල් කැබ් එකකට නැග්ගා. තමුන්ගෙම කියල 4x4 වාහනයක් නැත්තං එතනින් වාහනයක් කුලියට ගන්න ඕනේ. අපිට කොහෙද ෆෝ වීල් වාහන...
ආ කොලූගේ උපන්දිනේ අද කිව්වට මම මේ ආවේ. හැපි උපන්දිනයක් කොලූ....... :D :D
ReplyDeleteසුභම සුභ උපන් දිනයක් වේවා මිත්රයා...!!
ReplyDelete@ හා පෑටික්කි - බොහෝම ස්තූතියි සුභ පෑතුමට. එසේම වේවා.....
ReplyDelete@නිශාචර - ඔබටත් එසේම වේවා මිත්රයා..........
ආ.. අද ඔයාගේ උපන්දිනයලු නේද? මගෙනුත් සුභ පැතුම්... :D
ReplyDeleteෂා..... කො.ජී ඔයත් අප්රියෙල් පළවෙනිද උපන් එක්කෙනෙක්ද? එළ........ එසේම වේවා... LOLzzz
ReplyDeleteමේ කියන කතා ඇත්තද බං උඹගේ උපන් දිනේ අදද........
ReplyDeleteකොල්ලගෙ හරි උපන් දිනේ ඇවිල්ල ජනවාරි 1. අප්රියෙල් 1 තමා කොඉල්ලගෙ සහ තව ගොඩක් දෙනෙකුගෙ alternative උපන් දිනේ.... :-D
ReplyDelete