සඳ බුල්ටෝ 2..





පොඩ්ඩකට කලින් දාපු පලවෙනි පෝස්ට් එක නිසා ආපහු මතක් කරන්ඩ යන්නෙ නැහැ කොල්ලා...


ඔන්න ඉතින් දැන් බිම් කලුවර වැටීගෙන එන වෙලාව (4.30-5.00) ලං වුණා.කොල්ලා ඇතුලු නඩේ 5 දෙනෙක් යනවා පොඩ්ඩක් ශරීර සුවතාවය තකා ඇවිදින්ඩ කියල වට පිටාවෙ.හිටපු තැන භාරකාරය කිව්ව උපරිම රෑ 6 වගේ වෙනකොට ආවෙ නැත්තන් ඇත්තටම දිවිය හම්බු වෙන්ඩත් පුලුවන් වෙයි කියල (ලොල්.....)


ඔන්න යනව ඇවිදගෙන තණ පලස දිගේ සීතලේ ගැහි ගැහි. යනකොට දැක්ක දැකල පුරුදු දෙයක් තණකොල උඩ තියෙනව. ළං වෙලා බැලුව කෝකටත්. බලද්දි ගෝන මළ පහ තමයි අර දැකල පුරුදු දේ වගේ කට්ටිය දැකල තියෙන්නෙ. එකෙක් හිටිය ඌ ඇවිල්ල අනිත් එවුන් එක්ක බලද්දි දසම මදාවිය මොකද ඌට අපිට එන සිතුවිලි එන්නෙ අපේ මොලේ තියෙන ස්නායු වැඩ කරන්ඩත් කලින්. නම කියමුකො සංඛ කියල, ඌ කියනව


"මචංලා, හැමදාම නෑ. දෙමුද මේව ඉටි කොලේක ඔතල "සඳ බුල්ටො" කියල. දැන් බීල ඉන්න නිසා කට්ටියට මලාට තේරෙන්නෙ නැහැ"


කොල්ල සහ යාලුවො ඒ කාලෙ කාට හරි ගින්දරක්නම් ඉතින් එක පයින් හිටපු නසරාණිම සෙට් එකක් තමයි. බැහැ කියන්නෙ කව්ද අප්පා ඉතින්? මොකද කරේ ඉල්ලුමට සරිලනවටත් වඩා අතිරික්ත සැපයුම තිබුනු නිසා මදි නොකියන්ඩ ගෝන මළ පහ චුට්ටක් අරන් ආපහු ගෙදර යන්ඩ ලෑස්ති උණා. ගිය ගමන් කරේ මොකක්ද, සීනි කිරිපිටි ස්වල්පයක් බර පමණට ගෙන හොඳින් කලවම් කර සඳ බුල්ටොද, ගෝන බෙටිද කියා නිගමනය කල නොහැකි තරමට වෙනස් කරන ලද මිශ්‍රනයක් පිලියෙළ කිරීම. ඊට පස්සෙ ඉටි කොලයක් අරගෙන හැකි පමනින් ඉටි පන්දමකින් රත් කරලා සීල් කරන්ඩ වැඩි වෙලාවක් ගියෙත් නැහැ.  


ඔන්න වැඩේ ඉවර වෙලා කට්ටිය අනුමත වෙන ස්ථානයට ළං වෙලා..............


"ඒයි... යකෝ මරු බඩුවක් හම්බු උනා පට්ටිපොල සඳ බුල්ටො. හැබැයි දෙකයි හම්බු උනේ. කනවනම් කට්ටියට බෙදන්නෙ මම තමයි" කියල සංඛය කිව්ව. 


ඒ කාලෙ තිබ්බ පිස්සු දැන් මතක් වෙද්දිත් හිනා ගියාට එහෙමයි පිස්සුව. කට්ටිය දැන් පෝලිමේ හිටගෙන ඉන්නව කටවල් ඇරගෙන මට මුලින් දීපන් මට මුලින් දීපන් කිය කිය ඉන්නව බීම අමතක කරල. ඉතින් කට්ටියටම පොඩ්ඩ පොඩ්ඩ කටින් තියාගෙන වැඩේ භාර ගත්තෙත් සංඛයම තමයි. අර කලින් ඇවිදින්ඩ ගිය අනිත් 4 දෙනත් මෙ නාට්‍යය රඟ පෑවට, රස විඳින්නෙ නැතුව හිමින් එලියට දැම්ම කාටවත් නොපෙනෙන්ඩ.


කොහොමින් කොහොමින් හරි වැඩේ ගොඩක් වෙලා ඇදගෙන ගිහින් අන්තිමට කිව්ව මොකද උනේ කියල. කැපිටල් බී අතගගා හිටපු නිසා කට්ටියට එච්චර ගානක් නති උනත් වැඩිය නොබී හිටපු එකෙක් පණ්ඩිත කමට කිව්ව කතාව තමයි කතාව.


"හහ් උඹල ආතල් එකට කරේ කියල දන්නව... දෙවෙනි එකනම් ගෝන ගූ. ඒත් පලවෙනි එකනම් නියම ඔරිජිනල් පට්ටිපොල සඳ බුල්ටොම තමයි"


අපිනෙ දන්නෙ අපි ලඟ සඳ බුල්ටො තිබ්බෙම නැහැ කියල.


ප.ලි  සඳ බුල්ටො වලට තවත් නමක්  - මදන මෝදක.

Comments

  1. ඊයා... මල ජරාව කොහොම කෑවද මංදා....
    මොනව උනත් මරු සීන් ටික වෙලා තියෙන්නේ... :D

    ReplyDelete
  2. හුටා මම කිවේ මොකාක් හරි අලුගුත්තෙරු වෑඩක් වෙන්න ඇති කියලා.......හෑබයි හා බෙටි වේලලා ගහනවා ගන්ජා වලට සමානයි කියල අහල තියන්වා.....පාවිච්චි කරලානම් නෑ...

    ReplyDelete
  3. හප්පේ මේ යන විදියට බ්ලොග් වලත් කොටු දාන්න වෙනවා තව ටික දවසකින් ලොල්!!...කොහේ බැලුවත් බීපු කතාවක්මයි!

    ReplyDelete
  4. @ කො.ජී - ඔව්ව තමයි ඉතිං කොල්ලලගෙ ඉස්කෝලෙ සහ ඊට පසු පාවෙන අවධියෙ කරපු කුජීත වැඩ. මතක් වෙද්දිත් හිනා යනවා.

    @ අසංක - උඹට ඉව තියෙනවද මචං?? හා බෙටි කතාවනම් අහලත් තියෙනව කරලත්....... අනේ මන්ද.....

    ReplyDelete
  5. @මදුශාන් - මෙහෙමයිනෙ. බ්ලොග් වල ලියවෙන්නෙ ඉතිං අපිට වෙච්ච සිද්ධිනෙ. එතකොට ඉතිං බීපු කථා ගොඩාරියයි........... හිකිzzzz

    ReplyDelete
  6. හිකි හික්ස්ස්ස්!!..මල සීන් එක බෝතලේ අතින් අරන් නේහ් ඉපදුනේ?? :P:P:P:P

    ReplyDelete
  7. අයියෝ නැහැ.. කොල්ල ඉපදිලා තියෙන්නෙ පාටි දවසකනෙ (ජනවාරි එක ) ඉතින් ඉපදුන දව්සෙ ඉස්පිරිතාලෙත් පාටියක් තිබිල. එදා ඉඳන් පාටි වලට හරිම ආසයිලු කොල්ල (අම්ම කිව්වෙ ) හිකිzzz

    ReplyDelete
  8. උඩ හරියෙන් මුල් කොටසට ලින්ක් එකක් දාන්න.

    ReplyDelete
  9. @ ක.සූ - ස්තූතියි.... දමන ලදී.......

    ReplyDelete
  10. @අලුත් කොල්ලා හිකිස් එහෙනම් කොල්ලට ඉදුල් කවනකොට හරි රං කිරි කට ගානකොට හරි වැර්දිලා වගේ ඇල්කොහොල් පොඩ්ඩක් වැටිලා තියනව හ්ම් හ්ම්!!

    ReplyDelete
  11. බොරුද මන්දා............ කට්ටියට රසට තියෙන්න ඇති :))

    ReplyDelete
  12. @ මදුශාන් - හ්ම්ම් එහෙමද මන්දා.........

    @හසිත - කොල්ලගෙ නයි එක්ක ආස්සරයක් නැහැනේ......රසේ අවුලක් ගැන කිසිම පැමිණිල්ලක් ආවෙ නැහැ.... ලොල්

    ReplyDelete
  13. එල සීන් එකනෙ......... හිනා ගිහිං පණ යන්න ඇති නේ.....

    ReplyDelete
  14. තාම හිනා යනව බං මතක් වෙද්දි

    ReplyDelete

Post a Comment

Comments in any sort will keep me going. If you see anything I could improve please let me know so that I could improve right away... | තරඟෙක දුවද්දි වදින වතුර පාරක් වගේ තමයි ඔයාලගේ අදහස්... කියල නිම කරන්න බැහැ. වෙලා තියෙනවනම් ආසයි දැනගන්න......

Popular posts from this blog

බහලුම් පෙට්ටි

Overview of Garment Merchandising - ඇඟලුම් අංශයේ මර්චන්ඩයිසිං ගැන සරලව කෙටියෙන් (What is the role of my job to the industry | මගේ රැකියාව සහ ඇඟලුම් කර්මාන්තය අතර සබඳතාව)

අවුරුදු දෙකක් වයස දරුවෙක්……….