ලඟම පාර කියපු හැටි





මේ සිද්ධිය වෙන්නෙ මීට මාසෙකට විතර කලින් කොල්ල දැනට ඉන්න රටේදි......


මෙහෙ තියෙනව ක්‍රිකට් කණ්ඩායමක් අපේ රටේ. ඒ වගේම තවත් රටවල් ගනනාවකගෙම ක්‍රිකට් කණ්ඩායම් ගොඩකුත් තියෙනව. ඔය කට්ටිය එක්කහු වෙලා ඉතින් නිවාඩු දවස් වලට තරඟ තියෙනව. ඔය තරඟ තියෙන්නෙ පන්දු වාර විස්සක් සෙල්ලම් කරන විදිහට. සෙල්ලම් කරන්නෙත් ඉතින් ඔය හම් (ලෙදර්) පන්දුවෙන් තමයි.


මේ කථාව වුණේ තරඟ නැති දවසක පුහුණුවීම් වලට යන අතරෙදි. පොරක් ඉන්නව කුමාර කියල (දන්නවනෙ ඉතින් අන්වර්ථයි කියල නම ) ඔය කුමාර කොල්ල එක්ක සිය රටේදිත් වැඩ කරපු පොරක්. එහෙ වැඩ කරල කුමාරය මෙහෙට ආවෙ කොල්ලට වඩා අවුරුදු දෙකකට විතර කලින්.


ආ කියන්ඩ අමතක උනා. කොල්ලලගෙ කන්තෝරුව තියෙන්නෙ අගනුවරින් මෙට්‍රික් ඒකක 15-16ක වගේ දුරකින්. ඉතින් යන එන එකට විනාඩි 40ක් වගේ ගත වෙනවා. මේ දවසෙ පුහුනුවීම් වලට යන්ඩ කට්ටිය පාවිච්චි කරි කුලී රථයක් එවෙලෙ වාහන තිබ්බෙ නැති හින්ද කොල්ලලට පාවිච්චි කරන්ඩ. සාමාන්‍යයෙන් කුලී රතේක ගියොත් වියදම යනව රුපියල් වලින්නම් 2100ක් වගේ එක පැත්තකට. ඔන්න කට්ටිය මග යනකොට කුමාරය කෝල් කරනව. "මචෝ උඹල කොහොමේ යන්නෙ අද පුහුණුවීම් වලට" කියල අහල. ඉතින් කට්ටිය කිව්ව, "ආ අපි මේ මග එන ගමන් ඉන්නෙ උඹ හිටපන් අපි ගෙවල් ලඟින් අහුල ගන්නම් (පික් කරන්නම්) " කියලා. කුමාර ඉන්නෙ අගනුවරම තමයි ඉතින් යන ගමන් මිනිහව ගන්නව කියන්නෙ යන පාරෙම නිසා කිසි කරදරයක් නැහැ.


කොහොමින් කොහොමින් හරි කුමාරයත් ගොඩ උනා වාහනේට. දැන් ඉතින් යනව වාහනෙත් වෙනද යන පාරෙම. මෙහෙ ඉන්න ගොඩක් අයියලට සුද්දගෙ බාසාව බැරි නිසා ටිකක් දන්න කියන රියදුරෙක් එක්ක තමයි යන්නෙ හැමදාම.යනකොට කුමාරය එක පාරටම කෑ ගහන්ඩ ගත්ත. "උඹල කොහෙද බන් මේ යන්නෙ අපරාද සල්ලිනෙ, මගෙන් ඇහුවනම් කියනවනෙ ලඟම පාර.සල්ලිත් ඉතුරුයි වෙලාවත් ඉතුරුයි" මූත් ඉතින් නගරෙම ඉන්න එකානෙ කියල අපිත් ඉතින් සද්ද නැතුව ඉන්නව මූටම පාර කියන්ඩ දීල.කුමාරයත් ඉතින් රියදුරාට කියනව අතනින් හරවපන් මෙතනින් හරවපන් කියල. රියදුරාටත් මොකෝ අපි මීටරේ වැඩ කරන ගානටනෙ යන්නෙ මිනිහත් වගක් නැතුව හරවනව.දැන් කට්ටියටම ඒක අමතකයි, ආගිය තොරතුරු කතා කර කර ඒ දවස් වල කාලීන මාතෘකා ටිකකුත් පට්ට ගහගෙන සැපට යනව. 


ඔන්න කොහොමින් කොහොමින් හරි පුහුණුවීම් තියෙන පිට්ටනියට ආව කුමාරගෙ පාරෙන්. ඇවිත් කට්ටිය බඩු මුට්ටු ලෑස්ති කරගෙන එහෙම බැලුව මීටරේ දිහා. මීටරේ වැටිල තියෙන ගාන දැක්කම කට්ටියටම කුමාර ගැන මාරම ආදරේ හිතුන. ආදරේ වැඩි කමටම සෑහෙන්ඩ විහිලු එහෙම කරල කාඩ් එකකුත් ගැහුව.


මීටරේ තිබ්බ ගාණ තමයි රුපියල් වලින් ගත්තොත් 2400. මූ අපිව කිලෝමීටර 5ක් වැඩියෙන් එක්කන් ඇවිත්.........


එදයින් පස්සෙ කොහෙට හරි යන්ඩ කවුරු හරි පාරක් නිකමට වගේ ඇහුවොත් හැමෝම කියන්නෙ "අර කුමාරයගෙන් පොඩ්ඩක් අහල බලපන් මචන්" කියල තමා...

Comments

  1. හිහ්..හිහ්... මරු වැඩේ.... :D

    ReplyDelete
  2. ඒකනේ කො.ජී කියන්නෙ.....


    අර කථාවනම් දැන් යනව එළටම ආ...........

    ReplyDelete
  3. අතේ ගානටම සල්ලි තිබුනනම් තමා හොඳ ආතල්...........

    ReplyDelete
  4. පරංගියා කෝට්ටේ ගියා වගේ කුමාරයා ප්‍රැක්ටිස් ගියා වගේ :))

    ReplyDelete
  5. @ කල්හාර - එහෙම උනානම් එහෙම poison ලැජ්ජාව......

    @ හසිත - කුමාරයා ප්‍රැක්ටිස් ගියා වගේ.... හික්ස් නැගල යනවා.....

    ReplyDelete

Post a Comment

Comments in any sort will keep me going. If you see anything I could improve please let me know so that I could improve right away... | තරඟෙක දුවද්දි වදින වතුර පාරක් වගේ තමයි ඔයාලගේ අදහස්... කියල නිම කරන්න බැහැ. වෙලා තියෙනවනම් ආසයි දැනගන්න......

Popular posts from this blog

බහලුම් පෙට්ටි

Overview of Garment Merchandising - ඇඟලුම් අංශයේ මර්චන්ඩයිසිං ගැන සරලව කෙටියෙන් (What is the role of my job to the industry | මගේ රැකියාව සහ ඇඟලුම් කර්මාන්තය අතර සබඳතාව)

අවුරුදු දෙකක් වයස දරුවෙක්……….