පහු ගිය අප්රියෙල් මාසෙ අපි ගියා විල්පත්තුවටයි ඩොල්ෆින්ලා බලන්නයි. දවස් 3ක ගමනක් විදියට තමයි අපි ඒක සැලසුම් කරගෙන ගියේ. සෙනසුරාදා උදේ 9ට වගේ ගෙදරින් පිටත් වුණ අපි දවල් 2-3 වෙද්දි කල්පිටියයි නොරොච්චෝලෙයි අතර ඉල්ලන්තඩිය කියන පළාතෙ තිබුණ අපෙ හෝටලේට සේන්දු උණා. දවල්ට කාල බීල එහෙම අපි ටිකක් නිදහසේ කාලය ගත කරලා රෑ කෑම අරන් කලින්ම නින්දට ගියේ පස්සෙන්දා පාන්දරින්ම විල්පත්තු බැද්ද අස්සෙ රිංගන්න ලැහැස්ති කරගෙන හිටපු නිසයි. හෝටලේ අවට අපි දැක්කා හුලඟෙන් විදුලිය උපද්දවන්න පාවිච්චි කරන ලොකු හුලං පෙති වගයකුත්. අපි හිටි දිහා දැවැන්ත හුළං පෙති උදේ 6 වෙද්දි අපි හෝටලෙන් පිටත් වුණේ විල්පත්තු ගමනට. පුත්තලම ටවුන් එකේ ඒ වෙද්දි ඇරල තිබුණු එකම කඩෙන් උදේට එහෙම කාලා එතැනින්ම දවල් කැලේදි කන්නත් කෑම පාර්සල් කරගත්තෙ කැලේ ඇතුලෙ කන්න කඩ නැති නිසා. ඕං ඒටික ඉවර වෙලා අපි ගියා එළුවන්කුලමට. එළුවන්කුලම තියෙන්නෙ පුත්තලමෙ ඉඳන් කිලෝමීටර 40ක් විතර දුරින්. එළුවන්කුලමට ගිහින් අපි සෆාරි ජීප්/ඩබල් කැබ් එකකට නැග්ගා. තමුන්ගෙම කියල 4x4 වාහනයක් නැත්තං එතනින් වාහනයක් කුලියට ගන්න ඕනේ. අපිට කොහෙද ෆෝ වීල් වාහන...
ආයේ ලියමු ආ
ReplyDelete@ ජිංජි බිරිස් - අනිවා අනිවා. ස්තුතියි අවට මේ පැත්තෙ.....
ReplyDeleteලියමු ලියමු.. දැන් ඉන්නේ වියට්නාමේ නෙවෙයිද ?
ReplyDelete@ සරත් - කාලෙකින්. තාම වියට්නාම්. එනවද ලඟදි මේ පැත්තෙ. ගොඩක් ස්තූතියි ආවට.....
ReplyDeleteලියමුකෝ මචං බලන්න එහෙනං ........
ReplyDeleteඑළ මචං..........
Deleteනියමයි නියමයි ලියන්න...
ReplyDeleteඑළ එළ. ස්තුතියි ආවට්ර මේ පැත්තෙ....
Deleteඑල එල. දැං ආයෙ ලියපං එහෙනම්. ජය වේවා :)
ReplyDeleteදැන් තමා මේ පැත්තෙ ආවෙ :)
එළ එළ. උඹට ආයෙත් තැංකිව් ඈ..... :)
Deleteඑන්නේ නැතුව කොහොමද කොල්ලො....
ReplyDeleteඑළ එළ. වරෙං වරෙං
Deleteබලන් ගියාම ළිඳළඟ සංගම් වලින් හොඳත් වෙනවා... ;)
ReplyDeleteහනේ. අහන කතා. අපි ඔය ලිදලඟ සංගම් වල නෑනෙ ගෑණු අය වගේ.. :D :D :D
Deleteඅනේද කියන්නෙ... දැන් කොල්ලා අළුත් කොල්ලා වෙලා වගේ ඒවයිත් නම් වෙනස් වෙලා.. දැන් බුකි චැට්, ගූගල් චැට්, ...... එකී නොකී හෙ හෙ
Deleteහික් හික්
Delete